ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
හමාස් ප්‍රහාරයෙන් මියගිය අනුලාගේ අවසන් කටයුතු හෙට
හමාස් ප්‍රහාරයෙන් මියගිය අනුලාගේ අවසන් කටයුතු හෙට
Published
හමාස් සංවිධානයේ ප්‍රහාරයකින් මිය ගිය ශ්‍රී ලාංකික සාත්තු සේවිකාවක වූ අනුලා ජයතිලකගේ දේහය අද (ඔක්තෝම්බර් 29) කැලණියේ පිහිටි නිවසට රැගෙන එනු ලැබීය.
අවසන් කටයුතු හෙට කැලණිය, වේවැල්දූව පොදු සුසාන භූමියේ දී සිදු කරන බව පවුලේ ඥාතීහු පවසති.
ඇගේ දේහය ඔක්තෝම්බර් 23 වැනි දා හඳුනා ගැනුණු අතර 25 දා ඊශ්‍රායලයේ දී අවසන් ගරු බුහුමන් දැක්වීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවට රැගෙන එන ලදී.