ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
BBC News, සිංහල - ප්‍රධාන පුවත්
ප්‍රධාන පුවත
'HSBC ප්‍රධාන විධායක නිලධාරී පැවසූ පරිදි' ඉන්ධන බැරලයක් වෙනුවෙන් ශ්‍රී ලංකාව ඩොලර් 286ක් ගෙව්වා ද?
ඉරානයට එරෙහි ඇමෙරිකා-ඊශ්‍රායල යුද්ධයේ ප්‍රතිඵලයක් ලෙස ආසියාවේ ඉන්ධන බැරලයක් සඳහා ගෙවන ලද මිල අවම වශයෙන් එක් අවස්ථාවකදී ඩොලර් 286ක් දක්වා ඉහළ ගොස් තිබූ බව HSBC බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී ජෝර්ජස් එල්හෙඩරි ඉකුත් අඟහරුවාදා හොංකොංහි පැවති ආයෝජන සංසදයකදී පැවසූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණි.
ඊශ්‍රායලය පුදුමයට පත් කළ ට්‍රම්ප්ගේ ලෙබනන් සටන් විරාමය
පසුගිය සතියේ ඊශ්‍රායලයේ චැනල් 12 ප්‍රවෘත්ති ජාලය විසින් කරන ලද මත විමසුමකින් හෙළි වූයේ, ප්‍රතිචාර දැක්වූවන්ගෙන් 80%ක් පමණ හිස්බුල්ලා සංවිධානයට එරෙහි අඛණ්ඩ ප්‍රහාරවලට සහය දක්වන බව ය. වෙනත් සමීක්ෂණ තුනකින් යෝජනා වූයේ, ට්‍රම්ප් ඉරානය සමග එකඟ වූ සති දෙකක සටන් විරාමයට ඊශ්‍රායල් ජාතිකයින්ගෙන් බහුතරයක් විරුද්ධ බව ය.
මහනුවර ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම මුළුමනින් ම අඩාළ වුණේ ඇයි?
පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දුමින්ද නාගමුව චෝදනා කළේ, විදුලිය උත්පාදනය සඳහා වික්ටෝරියා ජලාශයේ ජලය අසාමාන්‍ය ආකාරයෙන් නිදහස් කිරීමට ආණ්ඩුව තීරණය කර තිබූ බව ය. ඒ හේතුවෙන් ජල සැපයුම් සබඳතා 17000කට පානීය ජලය සැපයුම ගැටලුවක් වී ඇති බව ද ඔහු සඳහන් කළේ ය.
බාල ගල් අඟුරු සිද්ධිය: බලශක්ති ඇමති කුමාර ජයකොඩි සහ අමාත්‍යංශ ලේකම් ඉල්ලා අස්වෙති
බාල ගල් අඟුරු ආනයනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටි බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි සහ අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය උදයංග හේමපාල එම ධූරවලින් ඉල්ලා අස්වී තිබේ. ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ, අද (අප්‍රේල් 17) පස්වරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත ඔවුන් ඉල්ලා අස්වීමේ ලිපි භාර දුන් බව ය.
චන්දන කත්‍රීආරච්චි යනු කවුද? ඔහු අත්අඩංගුවට ගත්තේ ඇයි?
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු හා නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වූ චන්දන කත්‍රීආරච්චි, කොළඹ අපරාධ කොට්ඨාසය විසින් ඔහුගේ නිවසේදී අත්අඩංගුවට ගනු ලැබී ය. පොලිසිය ප්‍රකාශ කළේ, අවි ආයුධ තොගයක් සමග ඔහු අත්අඩංගුවට ගත් බව ය. ජීව අත්බෝම්බයක්, ටී - 56 වර්ගයේ මැගසින් දෙකක්, ටී - 56 ජීව පතරොම් 221ක්, 0.22 වර්ගයේ පතරොම් 103, 84S වර්ගයේ ජීව පතරොම් 31ක් සහ බෝර 12 වර්ගයේ ගිනි අවියක් සමග ඔහු අත්අඩංගුවට ගනු ලැබුවේ, අප්‍රේල් 16 වන දා ය.
BBC News සිංහල දැන් WhatsApp ඔස්සේ
ඔබට ඩේටා ඉතුරු කර ගැනීමට අවශ්‍ය ද?
අවම ඩේටා ප්‍රමාණයකින් කියවිය හැකි අපගේ පෙළ පමණක් සහිත වෙබ් පිටුව කියවන්න
වෘත්තීය සහ දිවිමග
විශේෂාංග
IMF ශ්‍රී ලංකාවට දී ඇති අලුත් කොන්දේසි මොනවා ද? ඒවා සපුරාලීමේදී මුහුණ දීමට සිදුවන අභියෝග මොනවා ද?
බලශක්ති මිල ඉහළ යෑම, සංචාරකයින් සඳහා වන ප්‍රධාන ගුවන් මධ්‍යස්ථානයකට බාධා ඇති වීම මෙන්ම මැදපෙරදිග සේවය කරන ශ්‍රී ලාංකිකයින්ට බලපෑම් එල්ල වීම තුළින්, මැදපෙරදිග කලාපයේ ගැටුමෙන් ඇතිවන බලපෑම්වලට ශ්‍රී ලංකාව සැලකිය යුතු ලෙස නිරාවරණය වී ඇතැයි ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පවසයි. මැදපෙරදිග කාලපයේ යුද්ධ ක්ෂේත්‍ර කිහිපයකින් ශ්‍රී ලංකාවට බලපෑ හැකිය.
පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේදී ඔබේ අවුරුදු කැවිලි මේසයේ මිල ඉහළ ගොස් ඇත්තේ මෙහෙමයි
2025 වසරට සාපේක්ෂව 2026 දී සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද සඳහා සාම්ප්‍රදායික කැවිලි මේසයක මිල 7% කින් ඉහළ ගොස් ඇති බව Verite Research PublicFinance.lk වෙබ් අඩවිය විසින් දක්වා ඇති මිල ගණන් සැසඳීමකින් හෙළිව තිබේ.
මැදපෙරදිග යුද්ධය ඔබේ සාක්කුවට බලපෑවේ කොහොම ද?: යුද්ධයට පෙර හා පසු භාණ්ඩ මිල ගණන් වෙනස් වීම ගැන සංසන්දනයක්
ඉරානයට එරෙහි ඇමෙරිකා එක්සත් ජනපද-ඊශ්‍රායල් යුද්ධය හේතුවෙන් හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ඉන්ධන සහ ගෑස් ප්‍රවාහනයට ඇති වූ බාධා ගෝලීය බලශක්ති මිල ගණන් තියුණු ලෙස ඉහළ යාමට හේතු විය.
ලාල් කාන්තගේ නිවස, වත්කම් බැරකම් සහ 'සමාජ ප්රාග්ධනයේ' නීත්‍යනුකූලභාවය
අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්තගේ නිවසේ පැවති දානමය පුණ්‍යකර්මයක් අතරතුර ජනාධිපති අනුර කුමාර දිසානායක, අගමැති ආචාර්ය හරිනි අමරසූරිය ඇතුළු කිහිප දෙනෙකු පුටුවල අසුන්ගෙන ආහාර ගන්නා ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යවල සංසරණය විය. එහිදී, ජනාධිපති සහ අගමැති ඇතුළු රජයේ ඉහළ පෙළේ පුද්ගලයින්ගේ 'සරලකම', 'නිහතමානීත්වය' පිළිබඳ අදහස් පළ වී තිබෙනු දැක ගත හැකි විය. කෙසේ වෙතත්, දින කිහිපයක් තුළ අදාළ ඡායාරූප හරහා ආණ්ඩුවට යම් විරෝධයක් පළ වන පෝස්ට් සමාජ මාධ්‍ය හරහා සංසරණය වීමට පටන් ගත්තේ ය.
NDB බැංකුවේ රුපියල් බිලියන 13.2 මූල්‍ය වංචාව ගැන අප මෙතෙක් දන්නේ මොනවා ද?
ශ්‍රී ලංකා වාණිජ බැංකු ඉතිහාසයේ විශාලතම මෙහෙයුම් අක්රමිකතාව බව පැවසෙන ජාතික සංවර්ධන බැංකුවේ (NDB) සිදුවූ බව කියන "රුපියල් බිලියන 13කට අධික" මූල්‍ය වංචාව සම්බන්ධයෙන් මේ වන විට සමාජය තුළ දැඩි කතා බහක් නිර්මාණය වී තිබේ.