ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ක්‍රීඩාව:ලෝක ශුරතා බොක්සිං තරගාවලියට සුදුසුකම් ලැබූ 'වවුනියාවේ සටන් ශුරිය'
Published
ලබන අගෝස්තු මාසයේ ලන්ඩන් නුවර පැවැත්වීමට නියමිත ලෝක ශුරතා 'කික් බොක්සිං' තරගාවලියට සහභාගී වීම සඳහා සුදුසුකම් ලැබීමට වවුනියාව, මල්මඩුව ගම්මානයේ ජිවත් වෙන සෙව්මිණි ඉමේෂා ජයවර්ධන සමත් වුවාය.
තමන් ඉතා දුෂ්කර ප්‍රදේශයක ජීවත් වුව ද බොක්සිං ක්‍රීඩාව ගැහැණු දරුවන්ට යෝග්‍ය නොවන බවට ඇතැමුන් පැවසුවා ද තම අරමුණ අත්නොහරින බව ඇය බීබීසීයට පැවසුවාය.
ලෝක ශුරතා තරගාවලියට සුදුසුකම් ලැබීම සඳහා පසුගියද ඉන්දියාවේ චෙන්නාහි පැවති සුදුස්සන් තේරීමේ තරගයේදී ඇය රන් පදක්කමක් දිනා ගත්තාය.