පිරිසිදු ජලය: ළිඳෙන් වතුර පොදක් ගන්න සිය ගණනක් දිවි පරදුවට තබා දඟලති

Published

ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ ඛදිමාල් ගම්මානයේ වැසියෝ වතුර බාල්දියක් සඳහා දිනපතා තම ජීවිතය පරදුවට තබා අරගලයක යෙදෙති.

මෙම ගම්මානය පිහිටා ඇත්තේ නියඟයෙන් පීඩා විඳින අමරාවතී දිස්ත්‍රික්කයේ විදර්භා ප්‍රදේශයේය.

ගම්වාසීන් පවසන්නේ දිනකට දෙතුන් වතාවක් බවුසර් මගින් ජලය සැපයීමට බලධාරීන් පියවර ගත්ත ද එය කිසිසේත් ප්‍රමාණවත් නොවන බවයි.

ළමයින්, අපිරිසිදු ජලය පානය කිරීමෙන් පසු බොහෝ විට රෝගාතුර වේ.

බීබීසී මරාති සේවය මෙම වීඩියෝව ප්‍රකාශයට පත් කිරීමෙන් පසු, අමරාවතී දිස්ත්‍රික් කවුන්සිලයේ ප්‍රධාන විධායක නිලධාරී අවිශ්‍යන්ට් පැන්ඩා ගමට ගොස් ජල බවුසර් සපයන ප්‍රමාණය වැඩි කරන බව පැවසීය.

මෙම ජල ප්‍රශ්නයට ස්ථිරසාර විසඳුමක් ලබාදීමට නළ මාර්ගයක් සවි කිරීමට උත්සාහ කරන බවද ඔහු වැඩිදුරත් කියා සිටියේය.