තුර්කි-සිරියා භූමි කම්පාව:මියගිය මව හා පෙකණි වැලෙන් බැඳී සිටි අලුත උපන් බිළිඳෙක් සුන්බුන් අතරින් ගලවාගැනෙයි

Published

සඳුදා සිදුවූ දැවැන්ත භූ කම්පනයෙන් පසු උතුරුදිග සිරියාවේ ඇගේ නිවසේ සුන්බුන් අතර සිටි අලුත උපන් බිළිඳියක ගලවාගෙන තිබේ.

බිළිඳිය එවිට ද පෙකණි වැල හරහා, ඇගේ මියගිය මවට සම්බන්ධවී සිටියා ය.

ගලවාගැනීමේ පිරිස් කඩා වැටුණු ගොඩනැගිල්ලේ සිට ගලවාගත් බිළිඳිය ඉක්මණින් රෝහල්ගතකර තිබුණි.