ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
වසර 20කට පෙර ඇමෙරිකානු රොකට් ප්‍රහාරයකින් තම නිවස විනාශ වී දෑත් අහිමි වූ ඉරාක තරුණයා
Published
ජනාධිපති සදාම් හුසේන් බලයෙන් පහ කිරීම සඳහා එක්සත් ජනපදය ප්‍රමුඛ සන්ධානය ඉරාකය ආක්‍රමණය කරන විට අලි අබ්බාස් යන්තම් 12 හැවිරිදි වියේ පසුවිය.
ඔහුගේ පවුල යහපත් ජීවිතයක් බලාපොරොත්තු වූ නමුත් 2003 මාර්තු මාසයේදී යුද්ධය ආරම්භයේදී ම ඔවුන්ගේ නිවසට ඇමෙරිකානු රොකට් ප්‍රහාරයක් එල්ල විය.
අලි තමා අත්විඳින ලද දේ සහ ඔහුගේ අනාගත බලාපොරොත්තු පිළිබඳ මෙහිදී බීබීසීය සමග අදහස් බෙදා ගත්තේය.