පර්යේෂණාගාරයක සිරවී සිටි චිම්පන්සියෙකු පළමු වරට බාහිර ලෝකය දුටු සංවේදී මොහොත

Published

වැනිලා නමැති 28 හැවිරිදි චිම්පන්සියා කිසි දිනක කූඩුවකින් හෝ ආවරණයකින් පිටත සිට නැත. ඇය, 1997 වසරේදී වසා දමන ලද නිව් යෝර්ක්හි පිහිටා තිබූ වානරයින් ආශ්‍රිත පර්යේෂණාත්මක ඖෂධ සහ ශල්‍ය කර්ම සඳහා වූ පර්යේෂණාගාරයේ සිට දිවි බේරා ගැනුණු චිම්පන්සි සත්වයින්ගෙන් එක් අයෙකි.

වැනිලාට සහ ඇගේ සොහොයුරිය වන ෂේක්ට දැන් ෆ්ලොරීඩා ප්‍රාන්තයේ ෆෝර්ට් පියර්ස්හි සේව් ද චිම්ප් නමින් නව දූපත් නිවසක් ලැබී තිබේ.