BBC News, සිංහල - ප්‍රධාන පුවත්
ප්‍රධාන පුවත
දින 36ක් මුහුදේ අතරමංව සිටි ශ්‍රී ලාංකික පියෙක් සහ පුතෙක් බංග්ලාදේශ ධීවරයින් පිරිසක් විසින් බේරා ගැනෙති
ශ්‍රී ලාංකික ධීවර යාත්‍රාවක් දින 36ක් පුරා මුහුදේ අතරමංව පාවෙමින් තිබියදී, පසුගිය බදාදා බංග්ලාදේශ මුහුදු සීමාවේදී බංග්ලාදේශ ධීවර යාත්‍රාවකට නිරීක්ෂණය වී තිබිණි. මෙම යාත්‍රාව කොක්ස් බසාර් (Cox's Bazar) හි මහේෂ්කාලි (Maheshkhali) ප්‍රදේශයේ කුටුබ්ජොම් (Kutubjom) යුනියන් හි පදිංචි සියාඋර් රහ්මාන් (Ziaur Rahman) ට අයත් එකකි. ඔහු ඇතුළුව ධීවරයින් අට දෙනෙක් එම යාත්‍රාවේ සිටියහ.
හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න වෙඩි වැදී මියයාම: 'මම සර්ට පිස්තෝලය දුන්නා, හැබැයි පතුරම් දුන්නේ නැහැ'
හිටපු පොලිස්පති සී. ඩී වික්‍රමරත්නගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරියා ලෙස වසර 16කට අධික කාලයක් තමා රාජකාරි කළ බවත් මෙම කාලය තුළ කිසිදු දිනයක තම පිස්තෝලය හිටපු පොලිස්පතිවරයා තමාගෙන් ඉල්ලා නැති බවත්, එහෙත් මියගිය දිනයේ පමණක් පරීක්ෂා කිරීමට බව පවසා තම පිස්තෝලය සහ ඊට යොදන ජීව උණ්ඩ ඉල්ලා සිටි බවත්, හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්නගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරිවරයා ලෙස රාජකාරි කළ ප්‍රභූ ආරක්ෂක අංශයේ පොලිස් සැරයන් ඊ.එම්. ප්‍රසන්න අධිකරණය හමුවේ කියා සිටියේ ය.
SriLankan Airlines: අර්බුදයෙන් ගොඩ ඒමට ඉදිරිපත් කරන උපායමාර්ග මොනවා ද?
ගෝලීය දැවැන්ත ගුවන් සමාගම් සහ අරපිරිමැසුම්දායක (Budget) ගුවන් සමාගම් නවීන තාක්ෂණයෙන් හා නවතම යානාවලින් සන්නද්ධ වෙමින් ඉදිරියට යමින් සිටියදී, ශ්‍රීලංකන් ගුවන් සේවයට මෙම සීමිත පැරණි යානා සමූහය සමඟින් ජාත්‍යන්තර තරගකාරී වෙළඳපොළ තුළ නොනැසී රැඳී සිටිය හැකිද?
සිර දඬුවමෙන් 'නිදොස් කොට නිදහස් කරන්නැයි' ඉල්ලා චමින්ද විජේසිරිගෙන් අභියාචනයක්
වසර එක හමාරක සිර දඬුවමින් තමන් නිදොස් කොට නිදහස් කරන්නැයි ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි බදුල්ල මහාධිකරණයට අභියායචනයක් ඉදිරිපත් කර තිබේ. සිය අභියාචනය විභාග කර තීන්දුවක් දෙනතුරු තමන් ඇප මත මුදාහරින්නැයි ඉල්ලමින් ඇප අයදුම්පතක් ද ඔහු අභියාචනය සමග ම ඉදිරිපත් කර තිබිණි.
ජපාන භූමිකම්පාවෙන් 13ක් මරුට: සුන්බුන් අතර සිරවූවන් සෙවීමට 'කාලය සමග තරගයක්'
අගමැතිනී සනායි ටකායිචි මියගිය අය වෙනුවෙන් සිය ශෝකය ප්‍රකාශ කළ අතර, සහන සේවා කණ්ඩායම් අඛණ්ඩව සිදුකරන කැපවීම පිළිබඳව ඔවුන්ට ස්තූතිය පුද කළාය. "මෙය කාලය සමඟ කෙරෙන තරගයක්," යනුවෙන් අගමැතිනී ටකායිචි බදාදා උදෑසන නවතම තත්ත්වය පැහැදිලි කරමින් පැවසුවාය.
ආදර සබඳතාවල ස්වභාවය වෙනස් කරන 'බැඳීම් න්‍යාය': ඔබේ සබඳතාව කෙබඳු එකක්දැයි වටහා ගන්න
බැඳීම් න්‍යාය පිළිබඳව මේ වන විට පුළුල් ලෙස කතාබහට ලක්වෙමින් පවතී. නමුත් එය කුමක් ද? සහ ඔබේ සබඳතා වඩාත් යහපත් කර ගැනීමට එය භාවිත කළ හැක්කේ කෙසේ ද?
BBC News සිංහල දැන් WhatsApp ඔස්සේ
ඔබට ඩේටා ඉතුරු කර ගැනීමට අවශ්‍ය ද?
අවම ඩේටා ප්‍රමාණයකින් කියවිය හැකි අපගේ පෙළ පමණක් සහිත වෙබ් පිටුව කියවන්න
විශේෂාංග
මූලික අයිතිවාසිකම් කඩවීමකදී ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කරන්නේ කෙසේ ද?
මූලික අයිතිවාසිකම් යනු අපට ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හරහා ම සහතික කර ඇති අයිතීන් ය. ඒවා විධායකය හෝ රජය නිලධාරීන් අතින් කඩවූ අවස්ථාවක ඒ වෙනුවෙන් යුක්තිය ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට යාමේ අවස්ථාව ඔබට තිබේ. ඒ සඳහා අනුගමනය කළ යුතු පියවර මොනවා ද?
සුරේෂ් සලේ වෙනුවෙන් දින 7ක් කළ කරුණු දැක්වීම අවසන්: අධිකරණයේදී සිදුවූයේ කුමක් ද?
"ස්වාමීනී... පෙත්සම්කාර සුරේෂ් සලේගේ මව කිතුණු භක්තික කාන්තාවක්. ඇය අධිකරණයට පැමිණ සිටිනවා. පාස්කු ඉරුදින ප්‍රහාරය එල්ල වූ දින ඇය නුගේගොඩ කිතුණු දේවස්ථානට ගොස් තිබුණා. ඇය දරුවන් තුන් දෙනෙකු යුද හමුදාවට භාරකර තිබෙනවා. ඔවුන් අද අධිකරණයට පැමිණ සිටිනවා. මෙම පෙත්සම්කරු සෑම අඟහරුවාදා දිනක ම සිය මව සමග ශාන්ත අන්තෝනි මුනිදුන්ගේ දේවස්ථානයට යන කෙනෙක්. මෙවැනි පුද්ගලයෙකු කිතුණු දේවස්ථානවලට පහර දීමට සැලසුම් කරයි ද? ස්වාමීනි..."
ලෝකයට නැතිවම බැරි මෙට්‍රෝ දුම්රිය ශ්‍රී ලංකාවට නොගැළපෙනවා ද?
මෙට්‍රෝ (metro), සබ්වේ (subway), ටියුබ් (tube) , අන්ඩර්ග්‍රවුන්ඩ් (underground) හෝ MRT යනු දියුණු රටවල වෙසන බොහෝ දෙනෙකුට නුහුරු නුපුරුදු දෙයක් නොවේ. ඒවා එම ජනතාවගේ ජීවිත හා බැඳුණු නැතිවම බැරි සේවාවකි. එම රටවල මහජනතාවගේ දෛනික ජීවිතයේ ප්‍රවාහන අවශ්‍යතා සපුරා ලන්නේ, මෙම දුම්රිය සේවවාන්ය.
'මායාවන්ගෙන් සහ මනුෂ්‍යත්වයෙන් පිරුණු' The Odyssey චිත්‍රපටය ගැන ඔබ දැනගත යුතු කරුණු 5ක්
මැට් ඩේමන්, ඈන් හැතවේ සහ ටොම් හොලන්ඩ් රංගනයෙන් දායක වන, ක්‍රිස්ටෝපර් නෝලන්ගේ ශ්‍රේෂ්ඨ සිනමා නිර්මාණය සිනමාහල් තුළ ප්‍රදර්ශනය වෙමින් පවතින මොහොතක මෙම ලිපියෙන් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන්නේ චිත්‍රපටය ගැන ඔබ දැන සිටිය යුතු විශේෂ කරුණු 5ක් පිළිබඳව ය.
දියර කිරි, සබන් සහ සනීපාරක්ෂක තුවාවලට අලුත් ම නීති
පාරිභෝගික භාණ්ඩ කිහිපයකට අදාළව නව නීති හඳුන්වා දීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පියවර ගෙන තිබේ. ඒ අනුව සබන්, සැකසු දියර කිරි සහ සනීපාරක්ෂක තුවා සම්බන්ධව මෙසේ නව රෙගුලාසි කිහිපයක් ගැසට් මගින් ප්‍රකාශයට පත් කර ඇත.




















































