ලෝක පාපැදි දිනය:ශ්‍රී ලංකාවේ ඉන්ධන හිඟය මධ්‍යයේ ජීවිත බේරා ගැනීමට පාපැදිකරුවෙකු වූ වෛද්‍යවරයා
Published
ඉන්ධන මිල ඉහළයෑම සහ ඉන්ධන හිඟය හේතුවෙන් බොහෝ දෙනෙකුට තම මෝටර් රථ අතහැර පාපැදි වෙත යොමුවීමට සිදුවිය.
ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයකු වූ කනගරත්නම් කාන්දීපන් ද රටේ ආර්ථික අර්බුදය තුළ පාපැදි පැදීමට යොමු විය.
පෙට්‍රල් සහ ඩීසල් සැපයුම සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇතත්, ඉහළ උද්ධමනය ඉන්ධන මිල වැඩිවීමට හේතු වන බැවින් ඔහු තවදුරටත් සිය පාපැදියෙන්ම රෝහල කරා යයි.
