සජිත් ප්‍රේමදාස : 'ජනතා මුදලින් මම වතුර උගුරක්වත් බොන්නේ නෑ'

වීඩියෝ ශීර්ෂ වැකිය, ''මම ඔබගේ ජන වරමෙන් බිහි කරන පළමු ස්වේඡා ජනාධිපති වෙනවා.''
සජිත් ප්‍රේමදාස : 'ජනතා මුදලින් මම වතුර උගුරක්වත් බොන්නේ නෑ'
Published

ජනතා වරමෙන් තෝරා ගන්නා පළමු ස්වේඡා ජනාධිපති බවට තමන් පත්වෙන අතර වැඩි ඡන්ද ලක්ෂ 20කින් ජය ගන්නා බව සමගි ජන සන්ධානයේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස පවසයි.

'' මේ රට විනාශ කරපු හොරු ටික නීතිය ඉදිරියට ගෙනිහිල්ලා, මේ රටේ වන්දි ගෙවන තත්ත්වයකට ගෙන එනවා. ඒ විතරක් නෙමෙයි, රටට අහිමි කරපු සම්පත්, මුදල් රටේ දියුණුව උදෙසා ලබා ගන්නවා.'' යනුවෙන් ද ඔහු සඳහන් කළේය.

සජිත් ප්‍රේමදාස සහභාගී වූ අවසන් ජන රැළිය සැප්තැම්බර් 18 කොළඹ, මරදාන ටවර් රඟහල අසල දී පැවැත්විණි.