ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
පාර්ලිමේන්තු මන්ත්‍රිනී හරිනි අමරසුරිය ඇතුළු ජාජබ කාන්තාවන්ට පොලිසියෙන් ජල ප්‍රහාර
පාර්ලිමේන්තු මන්ත්‍රිනී හරිනි අමරසුරිය ඇතුළු ජාජබ කාන්තාවන්ට පොලිසියෙන් ජල ප්‍රහාර
Published
අද පෙරවරුවේ පොල්දූව මංසන්ධියේ පැවති ජාතික ජන බලවේගය කාන්තා සංවිධාන විසින් පැවැත් වූ විරෝධතාවයට පොලිසිය විසින් ජල ප්‍රහාර එල්ල කර විසුරුවා හැරීමට කටයුතු කළේය.
'බදු බර වැඩි කරන බඩු මිල වැඩි කරන ජන පීඩක ආණ්ඩුව පන්නමු' යන මැයෙන් පැවැත්වූ විරෝධතාවයට පාර්ලිමේන්තු මන්ත්‍රීනි හරිනි අමරසූරිය ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
කෙසේ වෙතත් පොල්දූව මංසන්ධියේ සිට පාර්ලිමේන්තු පිවිසුම වෙත පාගමනින් යෑමට උත්සාහ කිරීමේදී පොලිසිය විසින් මන්ත්‍රීවරිය ඇතුළු කාන්තාවන්ට පිරිසට ජල ප්‍රහාර එල්ල කළේය.