දුම්රිය රියැදුරෙකුගේ තීරණයක්… ජීවිත සිය ගණනක් රැකගත් හැටි

දුම්රිය රියැදුරෙකුගේ තීරණයක්… ජීවිත සිය ගණනක් රැකගත් හැටි

දුම්රිය රියැදුරු ජයම්පති මඩිගසේකර සහ ප්‍රධාන නියාමකවරයාගේ ක්ෂණික තීරණ ගැනීමේ හැකියාව සහ වෘත්තීයමය පළපුරුද්ද හේතුවෙන් මගීන් සිය ගණනකගේ ජීවිත මෙන් ම රුපියල් කෝටි ගණනක් වටිනා දුම්රියක් නිරුපද්‍රිතව බේරා ගැනීමට එම දුම්රිය කාර්ය මණ්ඩලයට හැකිව තිබිණි.

"රියැදුරා ඇත්තට ම උත්සහයක් දරලා තියෙනවා, සෑහෙන හොඳ උත්සාහයක්, රියැදුරා බැරිවෙලාවත් කොච්චිය ඉස්සරහට ගත්තා නම් එහෙම නායට අහුවෙනවා." යැයි දුම්රිය සාමාන්‍යාධිකාරී රවීන්ද්‍ර පද්මප්‍රිය බීබීසී සිංහල වෙත කියා සිටියේය.

ඒ අනුව තමන් මුහුණ දුන් අත්දැකීම ගැන පැහැදිලි කරන ලෙස බීබීසී සිංහල කල ඉල්ලීම පිළිගත් දුම්රිය රියැදුරු ජයම්පති මඩිගසේකර තම බිහිසුණු මතකය මෙලෙස අවදි කළේ ය.

  • වාර්තාකරණය : සම්පත් දිසානායක
  • කැමරාකරණය : හරිනි දිසානායක
  • සංස්කරණය : සිදේශ් අනුරංග
  • ඩ්‍රෝන ක්‍රියාකරු : අමිල බණ්ඩාර