අධිකරණයෙන් වාර්තා වන තොරතුරු
නවුෆර් මවුලවී ඇතුළු විත්තිකරුවන් 24 දෙනෙකුට එරෙහිව ගොනු කර තිබෙන නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කිරීම කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ආරම්භ කර ඇතැයි අප අධිකරණ වාර්තාකරු පවසනවා.
ඔහු සඳහන් කළේ, මෙම නඩුකරයේ තීන්දුව පෙරවරුවේ ප්‍රකාශ කරන බව මීට පෙර නිවේදනය කර තිබුණ ද මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් එය ප්‍රකාශයට පත් කිරීම ආරම්භ කළේ අද දහවල් 12.30ට පමණ බවයි.
නඩු තීන්දුව මුද්‍රණය කිරීමේදී ඇති වූ තාක්ෂණික දෝෂයක් නිසා මෙම ප්‍රමාදය හටගත් බව තීන්දුව ප්‍රකාශයට පත් කිරීම ආරම්භ කිරීමට පෙර ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු නවරත්න මාරසිංහ සඳහන් කළ බව අප වාර්තාකරු පැවසුවා.
ඒ සම්බන්ධයෙන් සියලු පාර්ශවවලට අධිකරණය කණගාටුව පළ කරන බව ද විනිසුරුවරයා ප්‍රකාශ කර තිබුණා.
ඉන් පසුව තීන්දුව ප්‍රකාශයට පත් කිරීම ආරම්භ කෙරුණු අතර මේ වන විට දිවා ආහාරය සඳහා නඩු විභාගය නතර වී ඇති බව අප වාර්තාකරු වැඩිදුරටත් පැවසුවා.




