තවමත් ඇදහැලෙන අරණායක කඳුළු වැස්ස
Published
පවතින අධික වර්ෂාව මධ්‍යයේ අරණායක නායයාමෙන් මියගියවුන්ගේ මළ සිරුරු සෙවීමේ කටයුතු යුධ හමුදාව විසින් සිදුකෙරෙමින් පවතින අතර දිවි බෙරාගත්තවුන් එක්දහස් පන්සීයක් පමණ වන ජනතාව පිහිටුවා ඇති රැඳවුම් ස්ථාන හයේ මේ වන විට ලැගුම් ගෙන සිටිති.
ඔවුන්ට අවශ්‍ය අහාර සහ අනිකුත් අත්‍යවශ්‍ය සේවා සැපයීමට පෞද්ගලිකව සහ රජය මෙන්ම ප්‍රජා සංවිධාන ඉතා යුහුසුළුව කටයුතු කරමින් සිටින බවයි සංදේශය වෙනුවෙන් එම කඳවුරුවලට ගිය ප්‍රසාද් පුර්නිමාල් ජයමාන්න පැවසුවේ.

