ලෝක කම්කරු දිනය ගැන ජනතා අදහස්

වීඩියෝ ශීර්ෂ වැකිය, ලෝක කම්කරු දිනය ගැන ජනතා අදහස්
Published

අදට (මැයි 01) යෙදී ඇති ලෝක කම්කරු දිනය සමරමින් ශ්‍රී ලංකාව ඇතුළු ලොව පුරා රටවල මැයි දින රැළි පැවැත්වේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි දින පෙළපාලිය මහනුවර පැවැත්වෙන අතර එක්සත් ජාතික පක්ෂයේ මැයි දින පෙළපාලිය පැවැත්වෙන්නේ කොළඹ කැම්බල් පිටියේදීය.

ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායමේ මැයි දින රැළිය ගාලු මුවදොර පිටියේදී පැවැත්වේ.

ජනතා විමුක්ති පෙරමුණේ මැයි දින පෙළපාලිය දෙහිවල එස්. ද එස් ජයසිංහ ක්‍රීඩාංගණය අසලින් ආරම්භ වන අතර එම මැයි දින රැළිය පැවැත්වෙන්නේ කොළඹ බී.ආර්.සී පිටියේදීය.

දෙමළ ජාතික සන්ධානයේ මැයි දින රැළියඅම්පාර, අක්කරෙයිපත්තුවේදී පැවැත්වේ.

කම්කරු දිනය සහ එදින පැවැත්වෙන දේශපාලන රැළි පිළිබඳ සාමාන්‍ය ජනතාව දක්වන්නේ කෙබඳු අදහසක්ද?

ඒ පිළිබඳ කොළඹ නගරවාසීන් බීබීසී සිංහල සේවය වෙත පළ කළ අදහස් ඉහත වීඩියෝ පටයෙන් නරඹන්න.