ඇපල් දුරකථන හා උරණ වූ ප්‍රංශ වැසියෙක්

වීඩියෝ ශීර්ෂ වැකිය, ඇපල්
Published

ඇපල් ඉලෙක්ට්‍රොනික නිෂ්පාදන අලෙවිසැලකට ඇතුළු වූ ප්‍රංශ ජාතිකයකු විසින් එහි තිබූ ජංගම දුරකථන ඇතුළු උපාංග රැසකට අලාභ හානි සිදු කරනු ලැබ තිබේ.

ඝන ලෝහ බෝලයක් යොදා ගනිමින් කෝපයට පත් පුද්ගලයා විසින් 'iPhone' ජංගම දුරකථන සහ ලැප්ටොප් පරිගණකයක් විනාශ කරනු ලබන ආකාරය වීඩියෝ දර්ශනවල දැක ගත හැක.

ප්‍රංශයේ ඩීජෝ නුවර පිහිටි ඇපල් ඉලෙක්ට්‍රොනික නිෂ්පාදන අලෙවිසැලේ ආරක්ෂකයන්ගෙන් බේරී පළා යාමට තැත් කළ ඉහත කී පුද්ගලයා අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

ඉහත කී සිදුවීම සම්බන්ධයෙන් ප්‍රතිචාර දැක්වීම ප්‍රතික්ෂේප කරමින් ඇපල් සමාගම කියා සිටියේ ප්‍රංශ බලධාරීන් ඒ පිළිබඳ පරීක්ෂණ පවත්වන බවයි.