වයස හැටහතරේදී නිවුන් දරු උපතක්

සිසේරියන් සැත්කමකින් එසේ උපත ලැබුවේ ගැහැණු දරුවකු හා පිරිමි දරුවෙකි
ඡායාරූප ශීර්ෂ වැකිය, සිසේරියන් සැත්කමකින් එසේ උපත ලැබුවේ ගැහැණු දරුවකු හා පිරිමි දරුවෙකි
Published

හැටහතර හැවිරිදි කාන්තාවක විසින් ස්පාඤ්ඤයේ රෝහලකදී නිවුන් දරු දෙදෙනෙකු බිහිකරනු ලැබීය.

සිසේරියන් සැත්කමකින් එසේ උපත ලැබුවේ ගැහැණු දරුවකු හා පිරිමි දරුවෙකි.

මාධ්‍ය වාර්තා සඳහන් කරන පරිදි අදාළ කාන්තාව ඇමරිකා එක්සත් ජනපදයේ දී දරුඵල සරුගැන්වීමේ සායනික ක්‍රම භාවිතකර ඇත.

මෙම නිවුන් දරු උපත දැක්වෙන වීඩියෝ පටයක් අන්තර්ජාලයේ පළවිය
ඡායාරූප ශීර්ෂ වැකිය, මෙම නිවුන් දරු උපත දැක්වෙන වීඩියෝ පටයක් අන්තර්ජාලයේ පළවිය

2012 වසරේදී ද ඇය දියණියක බිහිකර ඇති අතර පසුව එම දැරිය ළමා ආරක්ෂණ භාරයට ගෙන ඇත්තේ ශුභසාධන ගැටලු සැළකිල්ලට ගනිමිනි.

ළමා ආරක්ෂණ බලධාරීන් පවසන්නේ එම දැරිය අපිරිසිදු තත්වයක පසුවූ අතර ඇයට නිසි සනීපාරක්ෂාව ලැබී නොතිබුණු බවය.

කෙසේ නමුත් මෙම කාන්තාව බිහි කළ නිවුන් දරුවන් දෙදෙනා පිළිබඳව ළමා ආරක්ෂණ බලධාරීන් මෙතෙක් තීරණයක් ගෙන නැත.