ගව මස් තහනමට කේරළයේ විරෝධයක්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
Published
ඉන්දීය ආණ්ඩුවට එරෙහි කේරළ ප්‍රාන්තයේ විපක්ෂ කණ්ඩායම් වීදිවල පැවැත්වෙන සාද සඳහා මීගව මස් ව්‍යංජන පිළිගන්වති.
ගව මස් තහනමට විරෝධය පළ කරමින් මී ගවයෙකුගේ හිසක් රැගෙන එම පිරිස පාගමනක ද යෙදුනහ.
ඉන්දියාවේ සම්මත කර ගන්නා ලද නව නීතියකට අනුව හින්දු භක්තිකයන් විසින් පූජනීයත්වයේ ලා සලකනු ලබන ගවයන් මසට විකිණීම තහනම්ය.
එම නීතියට අනුව පූජනීයත්වයෙන් සලකනු නොලබන මීගවයන් සහ ඔටුවන් ද මසට විකිණීම තහනම් කර තිබේ.
ඒ හේතුවෙන් ගව මස් සඳහා ඉල්ලුමක් පවතින කේරළ ප්‍රාන්තයේ ගොවිපළවල්වලට සහ මස් කඩ වෙළඳුන්ගේ ජීවනෝපායට තර්ජන මතු වී ඇති බව කේරළ ප්‍රාන්ත නායකයෝ චෝදනා කරති.
මස් වෙළඳාම සිදු කරන වෙළෙන්දන්ගෙන් වැඩි දෙනෙකු මුස්ලිම් භක්තිකයන්ය.
























