එක්සත් රාජධානියේ ඇතැම් ප්‍රදේශවල දැඩි හිමපතනයක්

වීඩියෝ ශීර්ෂ වැකිය, දැඩි හිමපතනය අතර පැමිණි දුක සහ සතුට
Published

හිමපතනය සිදුවෙද්දී එක්සත් රාජධානියේ ඇතැම් ප්‍රදේශවලට කාලගුණ අනතුරු ඇඟවීම් නිකුත් කෙරී ඇත.

UK snow

ඉරිදා (දෙසැම්බර් 10) එක්සත් රාජධානියේ වැඩිම හිමපතනය වාර්තාවූ වේල්සයේ බ්‍රේකන් ආසන්න සෙනිබ්‍රිජ් ප්‍රදේශයෙන් දකින්නට ලැබුනේ සෙන්ටිමීටර් 30 ක හිමපතනයකි.

UK snow
ඡායාරූප ශීර්ෂ වැකිය, වේල්සයේ හිමෙන් වැසුණු ගම්මානයක්

එංගලන්තයේ දකුණුදිග ප්‍රදේශයට හිම සමග පැයට සැතපුම් 80ක වේගයෙන් දැඩි සුළං හමා යා හැකි බවට ද අනතුරු අගවා ඇත.

UK snow
ඡායාරූප ශීර්ෂ වැකිය, බෙල්ෆාස්ට් නගරයේ හිම අතරින් යාන්තමින් දිස්වෙන පිළිරුවක්

මෙම හිම පතනය හේතුවෙන් ගුවන්ගමන්, දුම්රිය ගමන් සහ මාර්ග ප්‍ර‍වාහන කටයුතුවලට ප්‍රමාද සිදුවිය හැකි අතර ගුවන් ධාවනපථ කිහිපයක් ද අවහිර වී ඇතැයි වාර්තා වේ.

UK snow
ඡායාරූප ශීර්ෂ වැකිය, උතුරුදිග ප්‍රදේශයේ හිමෙන් වැසුණු කඳු සහ මාර්ග

ඩෙවෝන් සහ කෝන්වෝල් ප්‍රදේශවල පැයට සැතපුම් 70කට වඩා වැඩි වේගයකින් සුළං හමා යන අතර ඉංග්‍රීසි ඕඩයෙහි එය පැයට සැතපුම් 90ක පමණ වේගයක් වන බව බීබීසී කාලගුණ සේවය වාර්තා කරයි.

UK snow
ඡායාරූප ශීර්ෂ වැකිය, පර්ත්ශයර් ප්‍රදේශය

ග්ලෝස්ටෂයර්, විල්ට්ෂයර්, ඔක්ස්ෆර්ඩ්ෂයර්, බකිංහැම්ෂයර්, හර්ට්ෆෝඩ්ෂයර් සහ එසෙක්ස් යන ප්‍රදේශවලට ද අනතුරු අගවා ඇති අතර ලිවර්පූල් සහ දකුණු යෝක්ෂයර් වැනි ප්‍රදේශවල අනතුරු ඇඟවීම තරමක් පහත හෙලා තිබේ.

UK snow
ඡායාරූප ශීර්ෂ වැකිය, හිම වැටුනත් ලන්ඩන් නුවර සුපුරුදු පරිදි මිනිසුන්ගෙන් පිරී ඇත

ස්කොට්ලන්තයේ සහ වේල්සයේ සමහර ප්‍රදේශවල උෂ්ණත්වය සෙල්සියස් අංශක ඍණ 10 පමණ දක්වා පහත බසිනු ඇතැයි අපේක්ෂා කෙරෙන අතර සමහර ග්‍රාමීය ප්‍රදේශවල උෂ්ණත්වය සෙල්සියස් අංශක ඍණ 14 පමණ දක්වා පහළ යනු ඇතැයි ද අනුමාන කෙරේ.

UK snow
ඡායාරූප ශීර්ෂ වැකිය, හිමපතනය නිසා පාපන්දු තරඟ නැවත්වුයේ නැහැ

මේ තොරතුරුද දැනගන්න: