ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
'මිනිස්සු දැක්කම අපේ කෙණෙර නමස්තේ කියලා ආචාර කරනවා.'
'මිනිස්සු දැක්කම අපේ කෙණෙර නමස්තේ කියලා ආචාර කරනවා.'
Published
කලාතුරකින් දක්නට ලැබෙන රූපලාවන්‍ය තරගයක් බදාදා (දෙසැම්බර් 27) නේපාලයේ පැවැත්වුණි. එහි විශේෂත්වය එය කෙණෙර තරගයක් වීමය.
දකුණු නේපාලයේ චිත්වාන් දිස්ත්‍රික්කයේ සෞරාහි ප්‍රදේශයේ පැවති කෙණෙර රූපලාවන්‍ය තරගයේ දී රූමත්ම කෙණෙර ලෙස සෙල්ෆිකලි කිරුළ හිමිකර ගත්තා ය.
''ඇය අවංකයි. ඒවගේම මිනිස්සුන්ව තේරුම් අරන් මිනිස්සු දැක්කම නමස්තේ කියලා ආචාර කිරීමේ විශේෂ ලක්ෂණයක් ඇයට තියෙනවා.'' යනුවෙන් ඇගේ හිමිකරු පැවසුවේ ය.