අඟුරුවාතොට සෙනෙහසේ කැදැල්ලේ ගින්න: 'දම්වැල්වලින් ගැට ගහලා හිටපු අයව බේර ගන්න බැරි වුණා'
අඟුරුවාතොට සෙනෙහසේ කැදැල්ලේ ගින්න: 'දම්වැල්වලින් ගැට ගහලා හිටපු අයව බේර ගන්න බැරි වුණා'
Published
අඟුරුවාතොට, බටගොඩ ප්‍රදේශයේ සෙනෙහසේ කැදැල්ල නමැති වැඩිහිටි නිවාසයේ හටගත් ගින්නෙන් පුද්ගලයින් 12 දෙනෙක් මිය ගියහ.
පෞද්ගලික ආයතනයක් ලෙස පවත්වාගෙන ගොස් ඇති මෙම රැකවරණ නිවාසය තුළ මානසික ආබාධ සහිත පුද්ගලයින් පිරිසක් ද නේවාසික වී සිටියහ.
ජාතික වැඩිහිටි මහ ලේකම් කාර්යාලය අනාවරණය කළේ, මෙම සුරැකුම් මධ්‍යස්ථානය ලියාපදිංචි නොකළ ආයතනයක් ලෙස පවත්වාගෙන ගොස් ඇති බව ය.
ගින්න හටගත් අවස්ථාවේදී සිද්ධිය ඇසින් දුටුවන් සහ අනතුරට මුහුණ දුන් පුද්ගලයින්ගේ ඥාතීහු බීබීසී සිංහල සේවයට අදහස් පළ කළහ.









