'මම මේ වෙනස කිරීමට අවදානම ගන්න ලෑස්ති මිනිහෙක්': ජනපති අනුර නීතිඥ සංගමයට සිය ස්ථාවරය කියයි

'මම මේ වෙනස කිරීමට අවදානම ගන්න ලෑස්ති මිනිහෙක්': ජනපති අනුර නීතිඥ සංගමයට සිය ස්ථාවරය කියයි
Published

තමා කිසිසේත්ම විධායක බලය හෝ වෙනත් බලයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඔබ්බට පාවිච්චි නොකරන බවත්, වෙනසක් කිරීම සඳහා වන අවදානම භාර ගැනීමට සුදානම් බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක බදාදා (අගෝ: 12) ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නියෝජිතයින් හමු වූ අවස්ථාවේදී පැවසුවේ ය.

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ඉල්ලීමකට අනුව විනිසුරුවරුන්ගේ ධූර කාලය වැඩි කිරීම සහ 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරිණි.