හමාස් ප්‍රහාරයෙන් මිය ගිය පුද්ගලයින්ගේ සිරුරු සෙවීමට රාජාලියෙකු ඊශ්‍රායලයට උදව් කළේ කොහොම ද?

හමාස් ප්‍රහාරයෙන් මිය ගිය පුද්ගලයින්ගේ සිරුරු සෙවීමට රාජාලියෙකු ඊශ්‍රායලයට උදව් කළේ කොහොම ද?
Published

පසුගිය ඔක්තෝබර් 7 වන දින ඊශ්‍රායලයට එල්ල වූ හමාස් ප්‍රහාරයෙන් අතුරුදහන් වූ පුද්ගලයින්ගේ සිරුරු සොයා ගැනීමට ඊශ්‍රායලය ගොදුරු සොයා යන රාජාලියෙකු යොදා ගෙන තිබේ.

ඊශ්‍රායලයේ ස්වභාවික සහ උද්‍යාන අධිකාරිය දැනටමත් කුරුල්ලන්ගේ චලනයන් නිරීක්ෂණය කරන අතර එම තොරතුරු බලධාරීන්ට ලබා දෙනු ලබයි.

එක් රාජාලියෙකු මළ සිරුරු හතරක් සොයා ගැනීමට සහය වී ඇති බව සඳහන් වේ. බීබීසී අරාබි සේවයේ මයිකල් ෂුවාල් මේ පිළිබඳ විස්තර දැන ගැනීමට පක්ෂීන්ගේ ගමන් රටාවන් ලුහුබැඳින පරිසර විද්‍යාඥයා හමුවිය.