දයාසිරි ජයසේකරගේ ප්‍රශ්නයෙන් උණුසුම් වූ 10 වන පාර්ලිමේන්තුවේ පළමු සභා වාරය

දයාසිරි ජයසේකරගේ ප්‍රශ්නයෙන් උණුසුම් වූ 10 වන පාර්ලිමේන්තුවේ පළමු සභා වාරය
Published

ආපදා තත්ත්වය නිසා කුඹුරු විනාශ වූ ගොවීන්ට සහන සැලසීම සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මතු කළ ප්‍රශ්නයක් නිසා ඔහු සහ සභානායක බිමල් රත්නායක අතර මත ගැටුමක් ඇති විය.

දස වැනි පාර්ලිමේන්තුවේ පළමු සභා වාරය අද (දෙසැම්බර් 03) ආරම්භ විය. එහිදී ආපදා නිසා සිදු වූ හානිය සහ රජය ගෙන ඇති පියවර ගැන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර පාර්ලිමේන්තුව දැනුවත් කළේ ය.

ඉන් අනතුරුව දයාසිරි ජයසේකර නගන ලද ප්‍රශ්නය ස්ථාවර නියෝගවලට පටහැනි බව ආණ්ඩු පක්ෂයේ අදහස විය.

මේ අතර, මුදල් අතුරු සම්මත ගිණුම ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් නිසි ක්‍රමවේදය අනුගමනය නොකළ බවට රාවුෆ් හකීම්, ආචාර්ය හර්ෂ ද සිල්වා සහ ගයන්ත කරුණාතිලක සභාවට දැනුම් දුන්හ.

ඊට අදාළ ඉදිරිපත් කිරීමක් කතානායකවරයා වෙනුවට සභානයකවරයා ඉදිරිපත් කිරීම එම ප්‍රශ්නයට හේතු විය.

ඊට පිළිතුරු දුන් සභානායක බිමල් රත්නායක පෙන්වා දුන්නේ, ලේකම් මණ්ඩලයෙන් ලැබුණු උපදෙසක් නිසා එය සිදු වූ බවත් පසුව එය කතානායකවරයා නිවැරදි කළ බවත් ය.