කොළඹ නාගරික කලාපය සම්බන්ධ කරන මෙට්‍රෝ බස් මාර්ග

ඡායාරූප මූලාශ්‍රය, Lanka Metro Transit - LMT / Facebook
- Author, බීබීසී සිංහල
- Published
- කියවීමේ කාලය: මිනිත්තු 4
ගමන්මාර්ග 7ක් ඔස්සේ මෙට්‍රෝ බස් සේවාව ව්‍යාප්ත කිරීමට මෙට්‍රෝ බස් සමාගම කටයුතු යොදා තිබේ. සැප්තැම්බර් මස සිට මෙම සේවා ආරම්භ කෙරෙනු ඇත.
කොළඹ නගරයට පහසුවෙන් ළඟා විය හැකි පරිදි ජනාකීර්ණ ප්‍රදේශ ආවරණය කරමින්, මෙම බස් මාර්ග හඳුන්වා දී තිබේ.
ඒ අනුව මෙට්‍රෝ බස් ගමන් ගන්නා නිල මාර්ග මෙසේ ය;
- මාකුඹුර ➜ පිටකොටුව (23.3 km)
- මිලේනියම් සිටි ➜ කොළඹ කොටුව (22.3 km)
- කඩවත ➜ මාකුඹුර (34.8 km)
- දෙමටගොඩ ➜ පානදුර (28.7 km)
- බත්තරමුල්ල ➜ ඒකල (29.9 km)
- කොල්ලුපිටිය වටරවුම් මාර්ගය (14 km)
- කැස්බෑව ➜ පිටකොටුව (35.7 km)
අමාත්‍ය බිමල් රත්නායක පැවසුවේ, මෙම මාර්ග ජාලය මගින් කොළඹ නගරයට සහ තදාසන්න ප්‍රදේශවලට වඩාත් කාර්යක්ෂම, පහසු සහ විධිමත් පොදු ප්‍රවාහන සේවාවක් ලබා දීම අරමුණු කරන බව ය.
CM01 මාකුඹුර සිට පිටකොටුව දක්වා
- මාකුඹුර
- කොට්ටාව
- පන්නිපිටිය 02
- කලල්ගොඩ හන්දිය
- තලවතුගොඩ
- ඉසුරුපාය
- පාලම් තුන හංදිය
- සෙත්සිරිපාය
- NAITA
- රාජගිරිය
- කාසල් රෝහල
- සිංගර් මෙගා - කොළඹ 8
- විජේරාම
- නගර ශාලාව
- හෙජස් කෝට්
- මරදාන
- පිටකොටුව
- කොළඹ කොටුව
CM02 මිලේනියම් සිටි සිට කොළඹ කොටුව දක්වා
- මිලේනියම් සිටි
- අතුරුගිරිය රෝහල
- අතුරුගිරිය නගරය
- නිසාකෝ සාප්පුව
- හෝකන්දර හන්දිය
- අරංගල හන්දිය
- මාලබේ බස් නැවතුම්පොළ
- තලාහේන හන්දිය
- තලංගම හන්දිය
- කොස්වත්ත
- සෙත්සිරිපාය
- NAITA
- රාජගිරිය
- කාසල් රෝහල
- බොරැල්ල 02 - YMBA
- ටවුන් හෝල් - විෂන් කෙයාර්
- යුනියන් පෙදෙස
- නවලෝක බස් නැවතුම
- රීගල් සිනමාහල
- කොළඹ කොටුව
CM03 කඩවත සිට මාකුඹුර දක්වා
- මාකුඹුර
- කොට්ටාව
- පන්නිපිටිය 01
- මහරගම
- අපේක්ෂා රෝහල් බස් නැවතුම් පොළ 01
- මහරගම කාගිල්ස් ෆුඩ් සිටි
- නාවින්න
- විජේරාම හන්දිය
- නුගේගොඩ 01
- කිරුළපන
- දෙල්කඳ හන්දිය
- නාරාහේන්පිට රෝහල හන්දිය
- යුද හමුදා රෝහල - බොරැල්ල
- බොරැල්ල 02 - YMBA
- කැම්බල් පාර්ක්
- දෙමටගොඩ
- ඔරුගොඩවත්ත
- තොරණ හන්දිය
- කැලණිය විශ්වවිද්‍යාලය
- කිරිබත්ගොඩ
- මහර හන්දිය
- කඩවත
CM04 දෙමටගොඩ සිට පානදුර දක්වා
- දෙමටගොඩ දුම්රිය ස්ථානය
- බොරැල්ල 02 - YMBA
- බොරැල්ල
- ඉන්ඩිපෙන්ඩන්ස් ආර්කේඩ්
- තුම්මුල්ල හන්දිය
- බම්බලපිටිය
- වැල්ලවත්ත
- විලියම් හන්දිය
- දෙහිවල
- ගල්කිස්ස
- ලලංකා ප්‍රධාන කාර්යාලය අසල
- මැලිබන් හන්දිය
- රත්මලාන ටෙක්
- ගොළුමඩම හන්දිය
- ජර්මන් ටෙක් අඟුලාන
- කටුබැද්ද හන්දිය
- මෙන්ඩිස් පටුමග - රාවතාවත්ත
- මොරටුව
- කොරළවැල්ල
- එගොඩඋයන
- ජයන්ති මාවත නැවතුම්
- පාලම් හන්දිය
- මහානාම හන්දිය
- පානදුර මූලික රෝහල
- පානදුර
CM05 බත්තරමුල්ල සිට ඒකල දක්වා
- තලංගම ඩිපෝව
- බත්තරමුල්ල හන්දිය
- සෙත්සිරිපාය
- NAITA
- රාජගිරිය
- කාසල් රෝහල
- බොරැල්ල 02 - YMBA
- කැම්බල් පිටිය
- දෙමටගොඩ
- පෑලියගොඩ (නව කැලණි පාලම)
- පෑලියගොඩ 02
- හේකිත්ත හංදිය
- වත්තල
- හැඳල
- මාබෝල
- මහබාගේ
- කඳාන
- වැලිගම්පිටිය
- ජා-ඇළ
- CTB හන්දිය
- ඒකල
CM06 කොල්ලුපිටිය වටරවුම් මාර්ගය
- කොල්ලුපිටිය
- ලිබර්ටි බස් නැවතුම
- මහජන පුස්තකාලය
- නගර ශාලාව
- නෙළුම් පොකුණ
- නිදහස් චතුරශ්‍රය
- ජාවත්ත පාර
- ජාවත්ත
- හයිද්‍රාමනි
- VTA / AAT
- නාරාහේන්පිට ඇන්ඩර්සන් ෆ්ලැට්
- හැව්ලොක්
- ඩබ්ලිව්.ඒ. සිල්වා මාවත
- වැල්ලවත්ත
- බම්බලපිටිය
CM08 කැස්බෑව සිට පිටකොටුව දක්වා
- මාකුඹුර
- කැස්බෑව
- පිළියන්දල බස් නැවතුම්පොළ
- ලංකා ෆයිබර් ෆැක්ටරිය
- වීරසිංහ මාවත
- වේරහැර
- බොරලැස්ගමුව
- රත්තනපිටිය
- පැපිලියාන
- කළුබෝවිල රෝහල අසල නැවතුම
- හැව්ලොක්
- රෝයල් ඉන්ස්ටිටියුට් බස් නැවතුම
- BRC හන්දිය
- තිඹිරිගස්යාය
- තුම්මුල්ල
- කොළඹ විශ්වවිද්‍යාලය ඉදිරිපිට බස් නැවතුම
- ටවුන් හෝල්
- ගාමිණී හෝල්
- ලේක් හවුස් බස් නැවතුම
- කොළඹ කොටුව
- පිටකොටුව
ජාත්‍යන්තර ප්‍රමිතියට අනුව සෑම ගමන් මාර්ගයකට ම අංකයක් මෙන් ම වර්ණයක් ලබා දී ඇත. CM07 ගමන් මාර්ගය මෙතෙක් හඳුන්වා දී නොමැති අතර එය ඉදිරියේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබේ.
එම ගමන් මාර්ගය නිට්ටඹුව සිට කොළඹ වරාය නරගය දක්වා ක්‍රියාත්මක වනු ඇත.
මෙම වසර තුළ මෙට්‍රෝ බස් රථ 200ක් ධාවනයට සැලසුම්
මේ වන විට මෙට්‍රෝ බස් සමාගම සතු පතුළ පහත් බස් රථ සංඛ්‍යාව 121කි.
ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ බස් රථ 10ක් ගෙන්වා ඇති අතර, ජපානයෙන් ප්‍රදානයක් ලෙස බස් රථ 7ක් නොමිලේ ලබා දී තිබේ. මීට අමතරව රජය මගින් ගෙන්වන ලද තවත් බස් රථ 104ක් මේවන විට දිවයිනට ලැබී ඇත.
මෙම වසර අවසන් වන විට මෙට්‍රෝ බස් රථ 200ක් ධාවනයට එක් කිරීමට මෙට්‍රෝ බස් සමාගම සැලැසුම් කර ඇතැයි සමාගමේ සභාපති යූ.පී. තිලකරන්න පැවසීය.
බස් රථ තුළට ඇතුළු වීමේදී සහ පිටවීමේදී LMT GO App ජංගම යෙදුම හරහා QR කේතය ස්කෑන් කර පහසුවෙන් ගාස්තු ගෙවිය හැක.
බැංකු හරපත් හෝ ණය පත් (Debit/Credit Cards) මගින් ද ගෙවීම් කළ හැක.
පතුළ පහත් මෙම බස් රථ ආබාධ සහිත පුද්ගලයින්ට සහ වැඩිහිටියන්ට පහසුවෙන් ගොඩවිය හැකි පරිදි සකසා ඇත.
සියලු ම බස් රථ වායුසමනය කර ඇති අතර, 24/7 ක්‍රියාත්මක CCTV කැමරා පද්ධතිවලින් සමන්විත ය.
රුපියල් 799ක ස්ථාවර ගාස්තුවකට සෙනසුරාදා, ඉරිදා ඕනෑ ම ගමන්මාර්ගයක් ඔස්සේ සීමාවකින් තොරව ගමන් කිරීමට මගීන්ට අවස්ථාව ලැබේ
මෙම සතිඅන්ත පැකේජය මිල දී ගන්නා වැඩිහිටියෙකු සමග ගමන් කරන වයස අවුරුදු 12ට අඩු ළමුන් සඳහා සම්පූර්ණයෙන් ම නොමිලේ ගමන් පහසුකම් හිමිවන බව මෙට්‍රෝ සමාගමේ සභාපතිවරයා බීබීසී සිංහල වෙත පැවසීය
මෙට්‍රෝ බස් සේවාව මහනුවර සහ යාපනයටත්
මහනුවරට සහ යාපනයටත් මෙට්‍රෝ බස් සේවා හඳුන්වා දීමට පියවර ගන්නා බව මෙට්‍රෝ බස් සමාගමේ සභාපතිවරයා පැවසීය.
ඔහු පැවසුවේ, ලබන වසර මුලදී එම සේවා ආරම්භ කරන බව ය.
ඒ සඳහා තවත් බස් රථ 50ක් අලුතින් ගෙන්වීමට නියමිත ය.


































