සූදු (gambling) වෙබ් අඩවි තහනම් කර තිබියදී LPL ඇඳුම්, රූපවාහිනී දැන්වීම්වල තවදුරටත් ප්‍රවර්ධනය කරන්නේ කොහොම ද?

ඡායාරූප මූලාශ්‍රය, Facebook
- Author, බීබීසී සිංහල
- Published
- කියවීමේ කාලය: මිනිත්තු 5
බලපත්‍ර ලබා ගැනීමකින් තොරව නීතිවිරෝධී ලෙස ඔන්ලයින් සූදු සහ ඔට්ටු ඇල්ලීමේ සේවාවන් පවත්වාගෙන යනු ලබන වෙබ් අඩවි 146කට පිවිසීම වහා ම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය යටතේ පවතින විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පියවර ගෙන තිබේ.
මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන සූදු ක්‍රීඩා නියාමන අධිකාරිය විසින් 2025 අංක 17 දරන සූදු ක්‍රීඩා නියාමන අධිකාරිය පනතේ ප්‍රතිපාදන සහ බලතල ප්‍රකාරව කරන ලද දැනුම්දීමකට අනුව මෙම පියවර ගෙන ඇත.
ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක සඳහන් වන්නේ, සූදු ක්‍රීඩා නියාමන අධිකාරී පනතේ 15, 16 සහ 18 වගන්ති යටතේ නියමිත වලංගු බලපත්‍ර ලබා ගැනීමකින් තොරව ශ්‍රී ලංකාව තුළ ඔන්ලයින් සූදු සේවාවන් පවත්වාගෙන යාම සහ ප්‍රවර්ධනය කිරීම පනතේ 44 වගන්තිය ප්‍රකාරව වරදක් මෙන් ම නීතිවිරෝධී ක්‍රියාවක් බව ය.
ඒ අනුව, අදාළ නීතිවිරෝධී වෙබ් අඩවි වෙත ශ්‍රී ලංකාව තුළ සිට පිවිසීම වැළැක්වීම සඳහා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සියලු ම විදුලි සංදේශ සේවා සපයන්නන් වෙත අවශ්‍ය උපදෙස් ලබා දී තිබේ.
ක්‍රිකට් ක්‍රීඩාව සහ සුදූ වෙබ් අඩවි
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ රෙගුලාසිවලට අනුව ඔට්ටු ඇල්ලීම සහ සූදු ක්‍රීඩාවේ නියැලීම සපුරා තහනම් වේ. එසේ නමුත් මේ දිනවල පැවැත්වෙන ලංකා ප්‍රීමියර් ලීග් තරගවාලියේ ඇතැම් කණ්ඩායම් මෙන් ම තරගාවලියේ අනුග්‍රාහකයින් ලෙස ඔන්ලයින් සුදූ ක්‍රීඩාවේ යෙදෙන වෙබ් අඩවි කටයුතු කරන අයුරු බීබීසී සිංහල වෙත නිරීක්ෂණය විය.
ක්‍රීඩාංගණවල හතරේ සීමාව ලකුණු කරන සීමා රේඛාවන්හි 1Xbat යනුවෙන් සටහන් කර ඇති ප්‍රවර්ධන දැන්වීම් දැක ගැනීමට හැකි ය. 1Xbat නමින් හඳුන්වන වෙබ් අඩවියක් ඉන්ටර්නෙට්හි නොමැති අතර ඒ වෙනුවට ඇත්තේ 1Xbet.com යනුවෙන් සුදූ ක්‍රීඩාව වෙනුවෙන් ක්‍රියාත්මක වෙබ් අඩවියකි.
තරග පැවැත්වෙන අවස්ථාවලදී රූපවාහිනියේ ප්‍රචාරණය වන වෙළෙඳ දැන්වීම් අතර betss.com, stbet.com, lsbet.com වැනි ඔන්ලයින් ඔස්සේ සුදූ ක්‍රීඩාවන් සිදුකරනු ලබන වෙබ් අඩවි ප්‍රසිද්ධ කරන බව නිරීක්ෂණය වේ.
එමෙන් ම, ලංකා ප්‍රීමියර් ලිග් ක්‍රිකට් තරගාවලිය සඳහා ක්‍රීඩා කරන ඇතැම් කණ්ඩායම්වල ඇඳුම් වෙනුවෙන් අනුග්‍රහකත්වය දරා ඇත්තේ සුදූ ක්‍රීඩා කරනු ලබන වෙබ් අඩවි වීම ද විශේෂත්වයකි.
එවැනි ඇඳුම්වල සඳහන් වෙබ් අඩවි නාම ඇතැම් ක්‍රීඩකයින් නොපෙනෙන පරිදි ආවරණය කරගෙන සිටින ආකාරය ද නිරීක්ෂණය විය.

ඡායාරූප මූලාශ්‍රය, Facebook
වලංගු බලපත්‍රයක් නොමැති නම් පැනවෙන දඩය
2025 අංක 17 දරන සූදු නියාමන අධිකාරී පනතට අනුව බලපත්‍ර ලබා ගැනීමකින් තොරව නීතිවිරෝධී ලෙස ඔන්ලයින් ඔස්සේ සූදු සහ ඔට්ටු ඇල්ලීමේ සේවා පවත්වාගෙන යනු ලබන වෙබ් අඩවි මෙරට ක්‍රියාත්මක නීතිය යටතේ තහනම් වේ.
වලංගු බලපත්‍රයක් නොමැතිව ඕනෑ ම සූදු ක්‍රියාකාරකමක් සිදු කිරීම සඳහා ශ්‍රී ලංකා මුදලින් රුපියල් මිලියන 10 (දළ වශයෙන් ඇමරිකානු ඩොලර් 33,227) නොඉක්මවන දඩයක් හෝ වසර 2ක කාලයක් සඳහා සිර දඬුවමක් හෝ එම දඬුවම් දෙක ම නියම කිරීමට හැකියාව ඇති බව පනතේ සඳහන් වේ.
කෙසේ වුව ද, බීබීසී සිංහල කළ විමසිමකදී මුදල් අමාත්‍යාංශයේ නිලධාරියෙකු සඳහන් කළේ, මේ දක්වා ඔන්ලයින් ඔස්සේ සුදූ ක්‍රීඩාවේ නිරත වන කිසිදු වෙබ් අඩවියක් මෙරට ලියාපදිංචි කර නොමැති බව ය.
'ගිවිසුම් ගැන නැවත සොයා බලනවා'
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
ඔන්ලයින් සූදු ක්‍රීඩාව ක්‍රියාත්මක කරන වෙබ් අඩවි මේ වන විට පැවැත්වෙන ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ වෙළෙඳ දැන්වීම් සහ තරගාවලියේ අනුග්‍රාහකත්වය සඳහා යොදාගෙන තිබීම සම්බන්ධයෙන් බීබීසී සිංහල ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන කමිටුවේ සභාපති එරාන් වික්‍රමරත්න ගෙන් විමසීමක් කළේ ය.
ඊට පිළිතුරු දෙමින් ඔහු කියා සිටියේ, ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලිය සම්බන්ධයෙන් අත්සන් තබා ඇති ගිවිසුම් සම්බන්ධයෙන් ඉදිරියේදී සොයා බැලීමක් සිදුකරන බව ය. එමෙන් ම, කිසිදු විටක සුදූ ආයතන හරහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අනුග්‍රාහකත්වයන් ලබා ගැනීමට කටයුතු නොකරන බව ද ඔහු පැවසීය.
"තව ම ප්‍රකාශයක් කරලා නැහැ. අපි මේක ගැන පොඩ්ඩක් හොයලා බලන්න ඕන. ශ්‍රී ලංකා ක්‍රිකට් එක ස්පොන්සර් කරන්න බෙටින් යූස් කරන්නේ නැහැ. අපි එන්න කලින් තිබ්බ සමහර දේවල් තියෙනවා නේ. ඒවා අපි බලන්න ඕන. සමහර ඒවා කෙලින් ම වෙන්නේ නැහැ චක්‍රව නේ වෙන්නේ. LPL එක සම්බන්ධ දේවල් ඉස්සර ඉඳලා අත්සන් කරලා තියෙන දේවල්. ඒ ඉස්සර අත්සන් කරලා තියෙන ගිවිසුම් ගැන අපි සොයා බලලා අපේ ප්‍රතිපත්තිවලට ගේන්න ඕන. මොක ද රටේ පවතින නීතියට අනුව කටයුතු කරන්න ඕන. ඊට අමතරව කියන්න ඕන ශ්‍රී ලංකා ක්‍රිකට් බෙටින් සමාගම් හරහා අනුග්‍රාහකත්වයන් ලබා ගන්නේ නැහැ," ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන කමිටුවේ සභාපතිවරයා පැවසුවේ ය.

ඡායාරූප මූලාශ්‍රය, Internet
තහනම් කළ සුදූ වෙඩි අඩවි මොනවා ද?
ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද නිවේදනයේ එලෙස තහනම් කර ඇති වෙබ් අඩවි සඳහන් කර තිබේ.
ශ්‍රී ලංකාවේ නීතිමය රාමුවට පටහැනිව ක්‍රියාත්මක වන මෙවැනි අවසර නොලද ඔන්ලයින් සූදු වේදිකාවන්හි (Online Gambling Platforms) නිරත වීමෙන් සහ මුදල් ආයෝජනය කිරීමෙන් වළකින ලෙස ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
මෙරට තුළ නිරන්තරයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ දැන්වීම් පළකරනු ලබන 1xbet.com, melbet.com, bet365.com සහ 1win.com යන වෙබ් අඩවි ද ඇතුළත් වේ.
ඒ අනුව, වෙබ් අඩවි 146කට පිවිසීම තහනම් කර තිබේ. ඒවා මෙසේ ය.
- betway.com/en-lk
- 22bet.com
- unibet.com
- betfair.com
- dafabet.com
- spinbetter.com
- 10cric.com
- bc.game
- megapari.com
- pin-up.bet
- stake.com
- mostbet.com
- parimatch.com
- betwinner.com
- linebet.com
- 4rabet.com
- rajabets.com
- dbbet.com
- coldbet.com
- WinWin
- 1xbit.com
- melbet.org
- 1xstavka.ru
- 1xbet.ng
- 1xbetchina.com
- melbet.com
- 22bet1.co
- 22betglobal.com
- 1xbit
- 1xbetuganda.com
- 1xbet.ci/en
- 1xbet.lk
- 22bet1.co
- 22betglobal.com
- melbet.org
- melbet.com
- melbet-srilanka.com
- melbet.mobi
- melbet-lka.com
- bbwei818.com
- betway.se
- biwei198.com
- biwei388.com
- bwei88.com
- tiyu83.com
- betwaytai.com
- unibet.it
- unibet.ie
- unibet.de
- 888sport.es
- sport.mrgreen.com
- leovegas.com
- paf.com
- 32red.com
- redbet.com
- mybet.com
- paf.es
- betfair.com/exchange
- mountbet.com
- orbitexch.com
- orbitxch.com
- orbexch.com
- obx888.com
- 9wickets.com/exchange
- o198128.com
- cmd368.com
- 12bet.com
- 1bet.com
- ibcbet.com
- m88.com
- tlc820.com
- tic126.com
- 16889898.com
- dafavip.asia
- tenghsu.com
- chodeetsu.com
- bet365.gr
- bet365.it
- bet365.es
- bet365.dk
- bet365.se
- 38365365.com
- 123365-sb.com
- 348365365.com
- 365-808.com
- 188sb.com
- 365-588.com
- 356488.com
- 788-365.com
- 365365918.com
- 365212365.com
- 365365868.com
- 488365.com
- 365-88.com
- 365-868.com
- 868365.com
- 365066365.com
- 667-365.com
- 365-117.com
- ksur937.com
- bet365.com.cy
- 365365304.com
- 365sport365.com
- 1win.fyi
- 1win-srilanka.com
- xpresspackers.in
- thesweetpop.co.in
- 1wpcka.life
- one-vv3066.com
- spinbetter-srilanka.com
- 10cric-online.com
- 10cric2026.com
- bcgame.im
- megapari-srilanka.com
- pin-up.world
- pinupslots.net
- stake.bz
- stake.games
- staket2.com
- boylesports.com
- mostbet-srilanka.com
- mostbetbd.asia
- parimatch-srilanka.com
- parimatch.in
- betwinner-srilanka.com
- betwinner.ng
- linebet-srilanka.com
- 4rabet-srilanka.com
- 4rabet-web.com
- gautamtechnologies.in
- doublebetbd.com
- dbbet.co.tz
- db-bet.com/en
- dbbet.bet
- coldbet-bd.com
- coldbet.net.za
- coldbet.cm
- coldbet-srilanka.com
- coldbet-lk.com
- winwin57816.pro
- winwin-srilanka.com
- winwinbet.partners


































