ජනාධිපති රනිල් වික්‍රමසිංහ : 'උල්කාපාත වේගයකින් කඩා වැටුණු ආර්ථිකය රොකට් වේගයෙන් යළි ඔසවන්නට හැකි වූණා'

ජනාධිපති රනිල් වික්‍රමසිංහ : 'උල්කාපාත වේගයකින් කඩා වැටුණු ආර්ථිකය රොකට් වේගයෙන් යළි ඔසවන්නට හැකි වූණා'
Published

උල්කාපාත වේගයකින් කඩා වැටුණු ආර්ථිකය රොකට් වේගයෙන් යළි ඔසවන්නට හැකි වූ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (පෙබරවාරි 07) පාර්ලිමේන්තුවේ දී පැවසුවේය.

''අඳුරු ආර්ථික බිං ගෙයක සිරවී සිටි අපි දැන් බිං ගෙය කෙළවර ආලෝකය දකිනවා. දැඩි සත්කාර ඒකකයේ පණ අදිමින් සිටි ආර්ථිකය දැන් අසාධ්‍ය තත්ත්වයෙන් මුදාගෙන තිබෙනවා. රට වෙනුවෙන් පොදු ගමනකට එකතු වෙන්න පොදුජන පෙරමුණට පුළුවන් වුණා නම් සමගි ජන බලවේගයට එහෙම කරන්න බැරි ඇයි? රට වෙනුවෙන් පොදු ගමනකට එකතු වෙන්න ජනතා විමුක්ති පෙරමුණට බැරි ඇයි?'' යනුවෙන් ජනාධිපතිවරයා අදහස් පළ කළේය.

නමවන පාර්ලිමේන්තුවේ පස්වන සභා වාරය විවෘත කරමින් ජනාධිපතිවරයා කළ සම්පුර්ණ කතාව මේ වීඩියෝවේ අන්තර්ගත වේ.