ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
'කිසි ම ආයුධයක් නැතුව තමයි අයියා ඇතුළට ගිහිල්ලා තියෙන්නේ'
මීගමුව බන්ධනාගාරයේ රාජකාරී කටයුතුවල නිරතව සිටියදී බන්ධනාගාර නිලධාරීන් 7 දෙනෙක් මිය ගියහ.
ඒ අතර, රඹුක්කන, වැලිකන්ද ප්රදේශයේ පදිංචිව සිටි ඩී.ඩබ්ලිව්. වසන්ත පුෂ්පකුමාර ද විය.
ඔහුගේ මරණය පිළිබඳව ඔහුගේ සහෝදරයෙක් අදහස් ප්රකාශ දැක්වීය.
'අපේ අයියා වැඩ කළේ මහනුවර. මේ සිද්ධිය වෙන්නේ පස් වෙනිදා අපේ අයියලාව මීගමුවට කැඳවලා තිබ්බා. උදේ මේ ප්රශ්නය සමථය කරන්න මේ කණ්ඩායම බන්ධනාගාරයේ ඇතුළට යවන්නේ නිරායුධව. කලින් දවසේ මෙහෙම දෙයක් වෙලා තියෙද්දිත් මේ විදියේ තීරණ ගත්තෙ ඇයි කියලා අපිට ප්රශ්නයක්. කලින් දවසෙත් මේ වගේ තත්ත්වයක් ඇති වෙලා තියෙද්දි, ඒ සම්බන්ධයෙන් වෙන තීරණයක් ගන්න තිබ්බා.'