එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකා වාර්තාව බිඳ හෙලයි

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
Published
ශ්‍රී ලංකා කණ්ඩායමේ වාර්තාව බිඳ හෙලමින් එක් දින ජාත්‍යන්තර තරඟයක රැස් කළ වැඩිම ලකුණු සංඛ්‍යාව රැස් කිරීමට එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම සමත් විය.
ඒ පාකිස්තාන කණ්ඩායමට එරෙහිව ඕවර පනහක් ඇතුළත කඩුලු තුනක් දැවී ලකුණු 444 ක් රැස් කිරීමත් සමගයි.
2006 වසරේදී නෙදර්ලන්ත කණ්ඩායමට එරෙහිව කඩුලු නවයක් දැවී ලකුණු 443 ක් රැස් කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.
කෙසේ වෙතත් ටෙස්ට් සහ 20/20 තරඟවල වැඩිම ලකුණු රැස් කිරීමේ වාර්තාව තවමත් හිමි වන්නේ ශ්‍රී ලංකාවටයි.
























