ලෝකයේ රටවල් දෙකක මහා දේශගුණික වෙනස

Extreme weather
ඡායාරූප ශීර්ෂ වැකිය, ඇමෙරිකානුවෙක් ශීතල නිසා සිරුර වසාගෙන සිටින අතර ඔස්ට්‍රේලියාවේ වැසියෙක් ගිනියමට විසඳුමක් ලෙස ජල කරාමයක පිහිට පතමින්
Published

මෙතෙක් වාර්තා වී ඇති අවම උෂ්ණත්වය සහ දැඩි හිමපතනය මැද නැගෙනහිර ඇමරිකානුවන් පීඩා විඳිමින් සිටියදී, ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර වැසියන් අවුරුදු අසූවකට පසු වැඩිම උෂ්ණත්වයක් සටහන් වූ කාලපරිච්ඡේදයක දරාගත නොහැකි දැඩි උණුසුම් කාල ගුණයකින් බැට කමින් සිටිති.

වීඩියෝ ශීර්ෂ වැකිය, ඇමරිකාවට වැටුණු 'හිම බෝම්බය'
Extreme weather

ඇමරිකානු කාලගුණ වාර්තාවලට අනුව ජනවාරි 6 වන දින නිව්යෝක් නගරයේ උෂ්ණත්වය -13C (8F) දක්වා පහත වැටී තිබුණි.

Extreme weather

ඇමෙරිකාවේ මිනිසුන් පමණක් නොව අධික සීතලෙන් පීඩා විඳින වෙනත් ජීවීන්ද දැක ගත හැකි විය.

Extreme weather
ඡායාරූප ශීර්ෂ වැකිය, අධික සීතල ජලය දරා ගත නොහැකිව සිටි මුහුදු කැස්බෑවෙක්

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් ජෝන් එෆ් කෙනඩි ගුවන් තොටුපළ ඇතුළු අනෙකුත් ගුවන් තොටුපළවල දහස් ගණන් ගුවන් ගමන් ප්‍රමාද වී ඇත.

Extreme weather

ඇතැම් ඇමෙරිකානු ප්‍රදේශවල අඩියකට වඩා වැඩි හිම තට්ටු දැකිය හැකිය.

Extreme weather

නැගෙනහිර කැනඩාවේ උෂ්ණත්වය -50C (-58F) දක්වා පහත වැටී ඇති බවට කාලගුණ වාර්තාවල සඳහන් වේ.

ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර තත්වය :

Extreme weather
ඡායාරූප ශීර්ෂ වැකිය, පසුගිය ඉරිදා කැමරා කාචයේ සටහන් වූ සිඩ්නි නුවර බොන්ඩි වෙරළ තීරය

ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර 40C කට අධික උෂ්ණත්වය හේතුවෙන් වීදි වැසියන්ට පානීය ජලය ලබා දීමට පුණ්‍යායතන රැසක් ඉදිරිපත් වී ඇත.

Extreme weather
ඡායාරූප ශීර්ෂ වැකිය, අළු බඳුන තරගාවලිය පැවැත්වෙන සිඩ්නි නුවර ක්‍රිකට් පිටියේ උෂ්ණත්වය 57.5C (135.5F) ක් ලෙස සටහන්විය.
Extreme weather
ඡායාරූප ශීර්ෂ වැකිය, ඕස්ට්‍රේලියාව සහ එංගලන්තය අතර පැවති අළු බඳුන අවසන් තරගය නැරඹීමට පැමිණි ක්‍රීඩාලෝලීන් දැඩි උණුසුම මැද
Extreme weather
ඡායාරූප ශීර්ෂ වැකිය, උෂ්ණත්වය දරා ගත නොහැකි වූ සතුන්: දැඩි ලෙස රත් වුණ මෝටර් රථයක සිට පොලීසිය විසින් බේරා ගත් බලු පැටියෙක්

මේ තොරතුරුද දැනගන්න: