අරවින්ද ද සිල්වා සහ බිරිඳ වහා ම අත්අඩංගුවට ගන්නැයි නියෝගයක්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
- Author, බීබීසී සිංහල
- Published
- කියවීමේ කාලය: මිනිත්තු 2
හිටපු ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා සහ ඔහුගේ බිරිඳ වහා ම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අද (සැප්: 16) නිකුත් කළේ ය.
අරවින්ද සිල්වාගේ බිරිඳගේ නිවුන් සහෝදරිය මෙන් ම, මියගිය කපිල චන්ද්‍රසේනගේ බිරිඳ වන ප්‍රියංකා නියෝමාට මීට පෙර තිබූ නඩුවක ඇපකරුවන් වශයෙන් ඉදිරිපත් වී සිටින අරවින්ද ද සිල්වා සහ ඔහුගේ බිරිඳ එම ඇපකාරභාවයෙන් ඉවත්වීම සඳහා පවරා තිබූ නඩුවක් කැඳවනු ලැබූ අවස්ථාවේදී ඔවුන් අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් මහේස්ත්‍රාත්වරයා එලෙස නියම කළේ ය.
එම නියෝගය කළේ, එම නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේදී ඔවුන් අධිකරණයේ පෙනී නොසිටීම සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් නොකිරීම හේතුවෙනි.
එහිදී අදාළ නඩුවේ ඇපකරුවන් වෙනුවෙන් කරුණු ඉදිරිපත් කිරීමට නියමිත තිබිණි.
කපිල චන්ද්‍රසේනගේ මරණය
ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක කපිල චන්ද්‍රසේන මිය ගොස් සිටියදී, අරවින්ද ද සිල්වාගේ නිවසින් හමුවූ අතර, ඒ සම්බන්ධයෙන් අරවින්ද ද සිල්වා මැයි මාසයේ 12 වන දා කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී සාක්ෂි ලබා දුන්නේ ය.
පසුව අරවින්ද ද සිල්වාගේ බිරිඳ ප්‍රියංගා අනුෂ්කා විජේනායක අධිකරණය හමුවේ සාක්ෂි ලබා දුන්නා ය.
අරවින්ද සහ බිරිඳ දුන් සාක්ෂි සම්පූර්ණයෙන් කියවන්න:





























