BBC News, සිංහල - ප්‍රධාන පුවත්
ප්‍රධාන පුවත
මැද පෙරදිග යුද්ධයෙන් ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයට සිදුව ඇති බලපෑම කෙබඳු ද?
"ගිය අවුරුද්දට සාපේක්ෂව බැලුවා ම 18%ක විතර අඩුවක් තියෙනවා. ඒ 18%ක අඩුව තියෙන්නේ යුරෝපීය වෙළෙඳපොළවල් ටික තියෙනවා නේ සංචාරකයෝ එන, ඒ මාර්කට් ටිකේ තියෙනවා සීයට 33ක 34ක අඩුවක්. හැබැයි ඒ එක්ක ම ඉන්දියාව, ඒෂියා පැසිෆික් කලාපයේ රටවල් තායිලන්තයෙන්, චීනෙන් ආපු අය බැලුවා ම 26%ක වැඩි වීමක් තියෙනවා. ඒක නිසා තමයි 18%ක තත්ත්වයේ තියා ගන්න පුළුවන් වුණේ නැති නම් අපි සීයට 30ක 40ක පසුබෑමකට යනවා."
සකිබ් හුසේන්: සිය පළමු IPL තරගයේදී ම සම්මාන දිනූ 'සපත්තු නැතිව හඬා වැටුණු' 'ගෝපාල්ගන්ජ් රබාඩා'
"සපත්තුවල ගාණ වැඩියි. බෝල් කරන්න දාන ස්පයික්ස් සපත්තු ජෝඩුවක් රු. 10,000ක් 15,000ක් විතර වෙනවා. සපත්තු දෙකක් ගන්න ඒ වගේ මුදලක් වියදම් කළා ම අපි කන්නේ මොනවා ද?" මීට කාලයකට ඉහතදී සකිබ් හුසේන් නම් වූ ක්‍රීඩකයා වීඩියෝ සම්මුඛ සාකච්ජාවකදී පැවසූ දේ මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ වේගයෙන් සංසරණය වෙමින් තිබේ. රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමට එරෙහිව පසුගිය අප්‍රේල් 13 වන දා පළමු වරට IPL තරගයකට ක්‍රීඩා කළ සකිබ් හුසේන්, එහිදී ලකුණු 24කට කඩුලු 04ක් දවා ගත් අතර මෙවර ඉන්දීය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේදී වැඩි අවධානයක් යොමුවී ඇති ක්‍රීඩකයින් අතර පෙරමුණේ පසු වෙයි.
සෞරග්‍රහ මණ්ඩලයේ 'නව වන ග්‍රහලෝකයේ' අභිරහස විසඳීමට ආසන්න ද?
2006 දී ප්ලූටෝ ග්‍රහලෝකයක් නොවන බවට නිගමනය කළ දා සිට, අප ග්‍රහලෝක අටක අසල්වැසි ප්‍රදේශයක ජීවත් වන බව විද්‍යාඥයෝ අපට පැවසූහ. නමුත් සමහර විද්‍යාඥයන් විශ්වාස කරන්නේ අභිරහස් නව වන සාමාජිකයෙකු සිටින බවත්, ඉතා බලවත් නව දුරේක්ෂයකට ස්තූතිවන්ත වන්නට අප එය සොයා ගැනීම ආසන්නයේ සිටින බවත් ය.
'CID අධ්‍යක්ෂ සහ අධිකරණ අමාත්‍යංශයේ ලේකම්වරයා තුෂාර උපුල්දෙණියගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරලා' - මානව හිමිකම් කොමිසම
අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබීමෙන් අනතුරුව අධිකරණය විසින් ඇප මත මුදා හරිනු ලැබූ, වැඩ තහනමට ලක්ව සිටින බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය අත්අඩංගුවට ගැනීම නිසි කාර්ය පාටිපාටිය අනුව සිදුකර නොමැති බැවින් ඔහුගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව නිගමනය කර ඇත. එමෙන් ම බන්ධනාගාර කොමසාරිස්වරයා වැඩ තහනමට ලක් කර ඇත්තේ, නිසි ක්‍රියා පාටිපාටිය අනුව නොවන බව ද මානව හිමිකම් කොමිසම සිය නිර්දේශ ප්‍රකාශයට පත් කරමින් සඳහන් කර තිබේ.
ඇමෙරිකා - ඉරාන ගැටුම තුළ ඊළඟට සිදුවන්නේ අප අපේක්ෂා නොකරන දෙයක් ද? අනුමාන 4ක්
සති ගණනක් තිස්සේ පැවති සටන්වලින් පසුව, එක්සත් ජනපද-ඉරාන සටන් විරාමය අර්බුදය පාලනය කිරීමට ඇති කැමැත්ත පෙන්නුම් කරන බවක් පෙනෙන්නට තිබුණු අතර ආරම්භයේ සිට ම එය සැලකිය යුතු අපැහැදිලිතා සමග බැඳී තිබේ. එහි සඳහන් වන නියමයන් අර්ථකථනය කිරීමේදී ඇති වෙනස්කම්, භූගෝලීය විෂය පථය, ආවරණය වන ඉලක්ක වර්ග සහ "සටන් විරාම උල්ලංඝනය" යන්නෙහි අර්ථ දැක්වීම යනාදී හේතු නිසා ඇතැම් නිරීක්ෂකයෝ මෙම ගිවිසුම තිරසර සටන් විරාම රාමුවකට වඩා උපායශීලී විරාමයක් ලෙස හඳුන්වති.
කෙටි වීඩියෝ
BBC News සිංහල දැන් WhatsApp ඔස්සේ
ඔබට ඩේටා ඉතුරු කර ගැනීමට අවශ්‍ය ද?
අවම ඩේටා ප්‍රමාණයකින් කියවිය හැකි අපගේ පෙළ පමණක් සහිත වෙබ් පිටුව කියවන්න
වෘත්තීය සහ දිවිමග
විශේෂාංග
ලාල් කාන්තගේ නිවස, වත්කම් බැරකම් සහ 'සමාජ ප්‍රාග්ධනයේ' නීත්‍යනුකූලභාවය
අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්තගේ නිවසේ පැවති දානමය පුණ්‍යකර්මයක් අතරතුර ජනාධිපති අනුර කුමාර දිසානායක, අගමැති ආචාර්ය හරිනි අමරසූරිය ඇතුළු කිහිප දෙනෙකු පුටුවල අසුන්ගෙන ආහාර ගන්නා ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යවල සංසරණය විය. එහිදී, ජනාධිපති සහ අගමැති ඇතුළු රජයේ ඉහළ පෙළේ පුද්ගලයින්ගේ 'සරලකම', 'නිහතමානීත්වය' පිළිබඳ අදහස් පළ වී තිබෙනු දැක ගත හැකි විය. කෙසේ වෙතත්, දින කිහිපයක් තුළ අදාළ ඡායාරූප හරහා ආණ්ඩුවට යම් විරෝධයක් පළ වන පෝස්ට් සමාජ මාධ්‍ය හරහා සංසරණය වීමට පටන් ගත්තේ ය.
NDB බැංකුවේ රුපියල් බිලියන 13.2 මූල්‍ය වංචාව ගැන අප මෙතෙක් දන්නේ මොනවා ද?
ශ්‍රී ලංකා වාණිජ බැංකු ඉතිහාසයේ විශාලතම මෙහෙයුම් අක්‍රමිකතාව බව පැවසෙන ජාතික සංවර්ධන බැංකුවේ (NDB) සිදුවූ බව කියන "රුපියල් බිලියන 13කට අධික" මූල්‍ය වංචාව සම්බන්ධයෙන් මේ වන විට සමාජය තුළ දැඩි කතා බහක් නිර්මාණය වී තිබේ.
කොන්ඩම් මිල ඉරාන යුද්ධය නිසා ඉහළ යන්නේ ඇයි?
ඉරාන යුද්ධය ලොව කර්මාන්ත රැසක් කම්පනයට පත් කර තිබේ. දැන් එහි බලපෑම ජීවන රටාව ආශ්‍රිත කර්මාන්ත සඳහා දැනෙමින් පවතී. උපත් පාලන කොපු කර්මාන්තය තුළ ද අමුතුම ආකාරයේ නොසන්සුන්තාවයක් මතු වී තිබේ.
QR ගෙවීම් ගැන පාරිභෝගික සහ ව්‍යාපාරික ඔබ දැන ගත යුතු ම කරුණු 3ක්
ශ්‍රී ලංකාව තුළ 'ජාතික QR ගෙවීම් ප්‍රචලිත කිරීමේ ව්‍යාපෘතිය' අප්‍රේල් 6 වන දින නිල වශයෙන් ආරම්භ කෙරිණි. ශ්‍රී ලංකාව කාසි සහ නෝට්ටු භාවිතය අවම වූ (cash-lite) ආර්ථිකයක් කරා මෙහෙයවීම මෙහි මූලික අරමුණ බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසීය.
පාසල් සිසුන් සම්බන්ධ දඬුවම් ගැන අධ්‍යාපන අමාත්‍යංශයෙන් අලුත් චක්‍රලේඛයක්
පාසල් සිසු සිසුවියන් අතර විනය පවත්වාගෙන යාමේදී ශාරීරික සහ මානසික දඬුවම් ක්‍රියාත්මක කිරීමට එරෙහිව තවත් චක්‍රලේඛයක් අධ්‍යාපන අමාත්‍යංශය විසින් නිකුත් කරනු ලැබ තිබේ. එම චක්‍රලේඛය නිකුත් කර ඇත්තේ, ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුවකදී ලබා දී ඇති නියෝගයකට අනුව ය. ඒ අනුව, ශ්‍රේෂ්ඨාධිකරණයේ අංක 461/2012 (FR) දරන නඩු තීන්දුවේ 17 වන ඡේදය සැලකිල්ලට ගනිමින් එම චක්‍රලේඛය නිකුත් කර තිබේ.




















































