සූට්කේසයෙන් යුරෝපයට ; වියදම යුරෝ 92 යි

දේශසීමා නිලධාරීන් ගමන් බෑගය 'ස්කෑන්' කිරීමේ දී ඒ ඇතුළේ මවකගේ කුසෙහි බිලිඳකු සිටින ඉරියව්වෙන් ගුලි වී සිටින තැනැත්තකුගේ අඳුරු රුවක් දැක ඇත.

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය, දේශසීමා නිලධාරීන් ගමන් බෑගය 'ස්කෑන්' කිරීමේ දී ඒ ඇතුළේ මවකගේ කුසෙහි බිලිඳකු සිටින ඉරියව්වෙන් ගුලි වී සිටින තැනැත්තකුගේ අඳුරු රුවක් දැක ඇත.
Published

අට හැවිරිදි තම පුතු විශාල ගමන් බෑගයක් ඇතුළේ සඟවා ගෙන මොරොක්කෝවේ සිට ස්පාඤ්ඤයට පැමිණි අයිවරිකෝස්ට් ජාතිකයෙක් සිර දඬුවම් නොලබා බේරීමේ පුවතක් වාර්තා වෙයි.

නීතිවිරෝධී ආකාරයට සියපුතු ගෙන පැමිණි අලි ඔටාරා (Ali Ouattara ) නම් එම තැනැත්තා සිරගත කරනු ලැබීම ස්පාඤ්ඤ නීති නිලධාරීන්ගේ උවමනාව වී ඇතත් එය ලිහිල් දඬුවමකට පමණක් සීමා කරනු ලැබ ඇත.

සිය පුත්‍රයා ගමන් බෑගය තුළ සිටි බවක් අලි ඔටාරා දැන සිටි බව ඔප්පු කිරීමට අවශ්‍ය සාක්ෂි නොවූයෙන් ඔහු සුළු දඩයකට පමණක් යටත් කොට සෑහීමට පත්වීමට නීති නිලධාරීන්ට සිදු වී ඇත.

"ඔවුන් මම සූට්කේස් එක ඇතුළට දමන බවක් මමවත් මගේ තාත්තාවත් දැන සිටියේ නැහැ" සූට්කේසයෙන් ස්පාඤ්ඤයට පැමිණි දැනට දස හැවිරිදි වියේ පසුවෙන පිරිමි දරුවා වන 'අඩෝ' (Adou) පවසයි.

ළමයා ගමන් බෑගය ඇතුළේ

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, ළමයා ගමන් බෑගය ඇතුළේ

ඔවුන්ගේ ගමන මෝටර් රථයකින් සිදු කෙරෙනු ඇතැයි තම පියා නිතරම තමා සමඟ සඳහන් කළ බව දස හැවිරිදි 'අඩෝ' (Adou) පවසයි.

දේශ සීමාව හරහා මොරොක්කෝවේ සිට ස්පාඤ්ඤයට අයත් 'Ceuta' නගරය කරා එන ගමනේ දී ගමන් බෑගයේ සිටි තමාට හුස්ම ගැනීම දුෂ්කර වූ බවත් දස හැවිරිදි ළමයා පවසයි.

'Ceuta' ස්පාඤ්ඤයට අයත් එහෙත් 'ජිබ්‍රෝල්ටා' සමුද්‍ර සන්ධිය නිසා එරට ප්‍රධාන භූමියෙන් වෙන්ව උතුරු අප්‍රිකානු වෙරළේ පවතින ස්වතන්ත්‍ර පාලනයක් සහිත නගරයකි.

මොරොක්කෝව සහ 'Ceuta' නගරය අතර සංචාරය කරන කාන්තාවන් ඇදගෙන යන විශාල ගමන් මළු පාවිච්චියෙන් වැළකිය යුතුව ඇතැයි එම නගරයේ නිලධාරීන් 2015 වසරේ පටන් නියෝග කර ඇත.

මොරොක්කෝව සහ ස්පාඤ්ඤය අතර 'Ceuta' නගරය දැක්වෙන සිතියමක්
ඡායාරූප ශීර්ෂ වැකිය, මොරොක්කෝව සහ ස්පාඤ්ඤය අතර 'Ceuta' නගරය දැක්වෙන සිතියමක්

අලි ඔටාරා (Ali Ouattara ) විසින් ගෙන එමින් තිබුණ ගමන් බෑගය දේශසීමා නිලධාරීන් විසින් 'ස්කෑන්' කරන ලද අවස්ථාවේ ඒ ඇතුළේ මවකගේ කුසෙහි බිලිඳකු වැතිර සිටින ඉරියව්වෙන් ගුලි වී සිටින තැනැත්තකුගේ අඳුරු රුවක් දැක ඇත.

කෙසේවුවද, අනවසරයෙන් ළමයකු රටට ඇතුල් කිරීමට ගන්නා ලද උත්සාහය සම්බන්ධයෙන් අලි ඔටාරාට නියම කර ඇති දඬුවම යුරෝ අනූ දෙකක (€92) දඩයක් පමණි.

දස හැවිරිදි 'අඩෝ' මේ වනවිට ඔහුගේ මව සමග අසල පිහිටි කුඩා නගරයක ජීවත් වෙයි.

සිය පියාට එරෙහිව සිදු කෙරුණ පරීක්ෂණයේ දී ප්‍රකාශයක් කිරීම සඳහා ඔහු 'Ceuta'නගරයට පැමිණියේය.

මුහුදින් ස්පාඤ්ඤයට ඇතුල්වීමට යත්න දරන සංක්‍රමණිකයන් කණ්ඩායමක්

ඡායාරූප මූලාශ්‍රය, SPANISH MARITIME RESCUE

ඡායාරූප ශීර්ෂ වැකිය, මුහුදින් ස්පාඤ්ඤයට ඇතුල්වීමට යත්න දරන සංක්‍රමණිකයන් කණ්ඩායමක්

තම පවුලට උතුරු ස්පාඤ්ඤයේ අලුත් ජීවිතයක් ආරම්භ කළ හැකි බව අලි ඔටාරා (Ali Ouattara ) පවසයි.

"දැන් ඔක්කොම ප්‍රශ්න අහවරයි. දැන් අපේ පවුලට එකට ජීවත් වෙන්න පුළුවන් - මම ,මගේ බිරිඳ, මගේ දුව සහ පුතා සමඟ" ඔහු කියා සිටියේය.

සබැඳි පුවත්;