BBC News, සිංහල - ප්‍රධාන පුවත්
ප්‍රධාන පුවත
සෞදි අගනුවර රියාද්හි ගුවන් තොටුපළකට එල්ල වූ ප්‍රහාරයකින් 12 දෙනෙක් ජීවිතක්ෂයට: 300කට තුවාල
සෞදි අගනුවර වන රියාද්හි ගුවන්තොටුපොළකට එල්ල වූ ප්‍රහාරයකින් පුද්ගලයින් අවම වශයෙන් 12 දෙනෙකු මියගොස් තවත් 309 දෙනෙකු තුවාල ලබා ඇති බව එරට බලධාරීහු පවසති.
ඥානසාර හිමිට ගිහි ඇඳුම් ඇන්දවීම: සංඝ නායකයින් හමුවේ ජනපති කළ ප්‍රකාශයේ වැදගත් කරුණු
ඥානසාර හිමිට ගිහි ඇඳුම් ඇන්දවීම: සංඝ නායකයින් හමුවේ ජනපති කළ ප්‍රකාශයේ වැදගත් කරුණු භික්ෂු සිරකරුවන් සම්බන්ධයෙන් බන්ධනාගාරය තුළ ක්‍රියාත්මක කෙරෙන ක්‍රියාපටිපාටිය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක බ්‍රහස්පතින්දා (ඔක්: 08) ත්‍රෛනිකායික මහා සංඝ රත්නය හමුවිය. එහිදී, ඔහු සංඝ රත්නය හමුවේ කළ ප්‍රකාශයේ ප්‍රධාන කරුණු කිහිපයක් මෙහි දැක්වේ.
'සිනහවෙන් සඟවන විෂාදය' යනු කුමක් ද? එය හඳුනාගත හැක්කේ කෙසේ ද?
විෂාදය සැමවිට ම අප බලාපොරොත්තු වන ආකාරයට පෙනෙන්නේ නැත. ඇත්ත වශයෙන් ම, අධ්‍යයනවලින් පෙන්වා දෙන්නේ, විෂාදය සහිත පුද්ගලයින්ගෙන් 40%ක් පමණ දෙනා එහි "සාමාන්‍ය ස්වභාවයෙන් බැහැර" ආකාරයක් අත්විඳින බවත්, එහිදී රෝග ලක්ෂණ සාමාන්‍යයෙන් අප දන්නා හඳුනන ලක්ෂණවලට වඩා වෙනස් වන බවත් ය.
එක්සත් ජනපද සෙබළුන් 13 දෙනෙකු ඝාතනය කළ නිඩාල් හසන්ට වෙඩි තබා මරණ දඬුවම ක්‍රියාත්මක කරන අයුරු සජීවීව විකාශය කරන බව පෙන්ටගනය කියයි
වෙඩි තැබීමේ කණ්ඩායමක් මගින් ඇමරිකානු හමුදාවේ හිටපු මේජර්වරයෙකු මරණ දණ්ඩනයට ලක් කිරීම මහජනතාවට නැරඹීමට හැකි වනු ඇතැයි ඇමරිකානු ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් ප්‍රකාශ කර තිබේ. ආරක්ෂක දෙපාර්තමේන්තු නිලධාරියෙකු BBC වෙත පැවසුවේ 2009 දී ෆෝට් හුඩ් හිදී නිරායුධ එක්සත් ජනපද සෙබළුන් 13 දෙනෙකු වෙඩි තබා ඝාතනය කළ නිඩාල් හසන්ට ලබාදෙන මරණ දඬුවම සජීවීව විකාශය කරන බවයි.
ශ්‍රී ලංකාව පුරා වේගයෙන් ව්‍යාප්ත වන චීන සිසිල් බීම ජාල: ව්‍යාපාර මොඩලය, තරුණ ආකර්ෂණය සහ සෞඛ්‍ය අභියෝග
බිං චුන් (Bing Chun), බිංෂුවේ (Bingxue) වැනි චීනයෙන් ආරම්භ වූ බබල් ටී, අයිස්ක්‍රීම් සහ පානයන්වල ජනප්‍රියත්වය පිටුපස ඇත්තේ අලෙවි උපායමාර්ගයක් ද, නව පාරිභෝගික සංස්කෘතියක් ද, නැතහොත් ඒ දෙකේ ම එකතුවක් ද? එවැනි නිෂ්පාදනවල සෞඛ්‍යමය බලපෑම් මොනවා ද? ඒවා සම්බන්ධයෙන් ප්‍රමාණවත් නියාමනයක් ක්‍රියාත්මක වන්නේ ද?
BBC News සිංහල දැන් WhatsApp ඔස්සේ
ඔබට ඩේටා ඉතුරු කර ගැනීමට අවශ්‍ය ද?
අවම ඩේටා ප්‍රමාණයකින් කියවිය හැකි අපගේ පෙළ පමණක් සහිත වෙබ් පිටුව කියවන්න
වෘත්තීය සහ දිවිමග
විශේෂාංග
Elephant X: සිය අයිතිවාසිකම් වෙනුවෙන් අධිකරණයට ගිය ශ්‍රී ලංකාවේ අලියා
2025 පෙබරවාරි 19 වන දා රාත්‍රියේ කොළඹ සිට මඩකලපුව බලා ධාවනය වෙමින් තිබූ 'මීනගයා' දුම්රියේ අලි රංචුවක් ගැටීමෙන් සිදුවූ එම අනතුරෙන් අලින් සහ කෙනෙරුන් 6 දෙනෙක් මිය ගියහ. නැවත මෙවැනි සිදුවීම් සිදුවීම් ඇති නොවීමට අදාළව ගත යුතු පියවර ගැනීම සම්බන්ධයෙන් නියෝගයක් ලබා ගැනීමේ අරමුණින් 'X' නැමති අලියෙකු අදාළ පෙත්සමේ දෙවන පෙත්සම්කරු බවට පත්කර තිබේ.
ශ්‍රී ලංකා ආර්ථිකය වැදගත් කඩඉමක් පසුකරයි: මීළඟ පිබිදීමට ලෝක බැංකුව කර ඇති යෝජනා මොනවා ද?
ශ්‍රී ලංකා ආර්ථිකය අර්බුදයට පෙර පැවති මට්ටමට ළඟා වෙමින්, සුවිශේෂී කඩඉමකට පැමිණ ඇතැයි, ලෝක බැංකුව පවසයි. ශ්‍රී ලංකා සංවර්ධන යාවත්කාලීන වාර්තාවට අනුව, මෙරට දළ දේශීය නිෂ්පාදිතය (GDP) මෙම වසරේදී 4.4% කින් වර්ධනය වනු ඇතැයි ඇස්තමේන්තු කර ඇත. මෙය මීට පෙර අපේක්ෂා කළ මට්ටමට වඩා ඉහළ යාමකි.
සිර දඬුවම් ලැබූ ඥානසාර හිමිගේ සිවුර ඉවත් කළේ ඇයි? විවිධ රැඳවියන්ට හිමි ඇඳුම් මොනවා ද?
අභියාචනාධිකරණය විසින් දෙන ලද තීන්දුවක් අනුව ඔක්තෝබර් 05 වන දා සිරගත කළ එහිමියන් ඉස්ලාම් දහමට අපහාසාත්මක ප්‍රකාශයක් කළ බවට චෝදනා කරමින් ගොනු කර ඇති නඩුවක් සඳහා අද (ඔක්: 06) යළිත් අධිකරණය වෙත රැගෙන එන ලදී. සිර දඬුවම් ලබන ඥානසාර හිමි සුදු පැහැති අත් දිග කමිසයකින් සහ සුදු සරමකින් සැරසී අධිකරණය වෙත රැගෙන එනු දක්නට ලැබිණි.
ශ්‍රී ලංකාවේ ආයෝජනයට විදෙස් ආයෝජකයන් 'තවමත් බය' ඇයි? ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව හෙළි කරන හේතු
2025 වසරේදී ශ්‍රී ලංකාවට ලැබුණු ඍජු විදෙස් ආයෝජන ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.06ක් වූ අතර, එය දළ දේශීය නිෂ්පාදිතයේ සියයට 1කට ආසන්න ප්‍රමාණයක් වන අතර මෙය නැගී එන ආර්ථික තුළ සාමාන්‍යයෙන් දක්නට ලැබෙන සියයට 3 සිට 4 දක්වා මට්ටමට වඩා සැලකිය යුතු ලෙස අවම අගයක් ගන්නා බව ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති ශ්‍රී ලංකාව සඳහා ආයෝජන වාතාවරණය පිළිබඳ වාර්තාවේ සඳහන් කර ඇත.
ඔස්ට්‍රේලියාවේ ශිෂ්‍ය වීසා නව නීති දැන් ක්‍රියාත්මක යි: අයැදුම් කිරීමට පෙර ඔබ දැනගත යුතු ම කරුණු
ශිෂ්‍ය වීසා වැඩසටහන සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියානු රජය සිදු කළ සැලකිය යුතු වෙනස්කම් 2026 ඔක්තෝබර් 02 දින සිට එනම්, පසුගිය සිකුරාදා දින සිට ක්‍රියාත්මක වේ. ඒ අනුව, එම දිනයට පසු ඉදිරිපත් කරන සියලු ම වීසා අයැදුම්පත් සඳහා නව නීති අදාළ වේ. මෙම ප්‍රතිසංස්කරණ හේතුවෙන් ශිෂ්‍ය වීසා අයදුම් කළ හැක්කේ කවදා ද?, එය ඉදිරිපත් කළ යුත්තේ කොහේ සිට ද?, සහ අයැදුම්පතට ඇතුළත් කළ හැකි පුද්ගලයින් කවුද?



















































